✨🖤limitless love pt 20🤍✨

499 114 32
                                    

🧀 :- ජීමීනා...මට කියන්න එපා ඔයා අලුතින් පටන් ගන්න බයයි කියලා

🐣:- හ්ම්ම්.......

🧀 :- ඇයි බය වෙන්නේ ?.... ජිමිනා... බය වෙන්න එපා .. ඔක්කොම හොදින් සිද්ද වෙයි ! 🤗 ඒක නෙවෙයි .. කෙල්ලගේ නම මොකක්ද ?

🐣 :- හියුන් .... මේ සැරේ කෙල්ලෙක් නෙවෙයි !

🧀 :- වාහ්.... වෙන්න බෑ....ඔයා කොල්ලෙක්ට කැමති වුණාද ? වාහ් ජිමීනා.... මොකක්ද නම ?

🐣 :- කිම් ටේහියුන්

🧀 :- එයා කැමති වුණාද ඔයාට ?

🐣 :- එයා තාම දන්නේ නෑ...

🧀 :- ඒයි... ඒක හරි යන්නේ නෑ... ඔයා අඩියක් ඉස්සෙල්ලා තිව්වේ නැත්තම් ඔයා පරක්කු වැඩි වෙන්න පුළුවන්... මන් දැන් ටිකක් busy.... වෙලාවක් අවාම ඔක්කොම කියන්නම් කෝ... මන් ගියා කොල්ලො...

🐣 :- අර අඩිය ඉස්සෙල්ලා තියන්න කිව්ව කතාව මොකක්ද .. යා....හියුන්...

🧀 :- පස්සේ....

ටේ මින් ,  ජිමින්  එක්ක හරියට කතා නොකරම ආයේ වැඩ කරන්න දුවන් ගියේ club එකේ වැඩ වලට උදවු කරන්න... Club එක ටේ මින්ගේ වුණත් වැඩ වැඩි දවසට එයත් club එකේ වැඩ කරනවා... අදත් ඒ වගේ මිනිස්සු වැඩි දවසක්....

🐣 :- ආයීෂ්.... මේ හියුන් එක්ක බෑ...ටික වෙලාවක් කතා කරනවා අතුරුදහන් වෙනවා... වාඩි වෙලා ටික වෙලාවක් කතා කරන්න බැරි ඇයි මේකාට ? එයා ගැන හිතන්න ගියොත් මගේ මොලෙත් අවුල් වේවි..  🥴... දැන් මෙයාලා හැමෝම මට කියන්නේ ටේහියුන් එක්ක සම්බන්ධයක් තියා ගන්න කියලද ?

ටේමින්  වගේම ජින් කියපු දේවල් හිත හිතම ජිමින්  ආයෙත් බොන්න පටන් ගත්තා , ජිමින් බෝතල් දෙක තුනක් හිස් කරන අතරේ ජිමින්ගේ  හදවත හා මොළය එකම යුද්දෙක. මේ මොහොතේ ජිමින් ට ඒ යුද්දෙට මැදිහත් වෙන්න බෑ... මොකද ඒ දෙන්නම යුද වදින්නේ ජිමින් වෙනුවෙන් ! මේ ප්‍රශ්නේ හිතුවාටත් වඩා ජිමින් ට බැරෑරුම් දෙයක් වුණා .

ජිමින්ගේ යටි හිත ආදරයක් වෙනුවෙන් මග බලන් ඉඳියේ ගොඩාක් කල් ඉඳන් , ඒත් ජිමින්ගේ මොලයෙන් දිගටම කිව්වේ එයාට ආදරයක් ඕනේ නැහැ කියලා. ජිමින් ගේ මොළය දිගටම හිතුවේ තව ආදරයක් ජිමින් ව දාලා ගියොත් එයා තවත් දරුණු වෙයි කියලා . ඒ නිසා ජිමින්ගේ යටි හිත ඉල්ලපු , හොයපු , මග බලන් ඉඳපු ආදරය කාලයත් එක්කම යටපත් වුණා ඒත් එක්කම පරණ ජිමින්ව මරලා දාලා අලුත් ජිමින් කෙනෙක් ඉපදුනා .

limitless Love 💓 {completed}Tempat cerita menjadi hidup. Temukan sekarang