21 TH PART

349 65 13
                                    

🐨 - "බොස්.."

🐱 - "ම්ම්.."

🐨 - "හවස වැඩක් නෑ නේද?"

🐱 - "නෑ නේද අපි දැන් තිබ්බ ඒවා ඉවර කලානේ.. ඇයි එහෙම ඇහුවේ?"

🐨 - "නෑ බොස් නිකන්.."

🐱 - "නම්ජූනා අදත් drink එකක් ගමුද හවස් වෙලා.."

🐨 - "අද බෑ බොස්.. sorry කලින් වැඩක් දා ගත්තා."

🐱 - "ජින් හ්‍යුන්ග් එක්කද ?"

🐨 - "බොස් කොහොමද දන්නේ.. 😳"

🐱 - "😂 මන් දන්නේ කොහොමද බන් මන් මේ කටින් අල්ලගන්න බැලුවේ.. 😂😂"


යුංගිගේ හිනාවෙන්ම තමන් අහු උනා කියලා දැනගත්ත නම්ජූන්ටත් හිනා ගියා..



🐱 - හ්ම්ම්ම්.. අද බබාව දැක්කෙත් නෑ මොනවා කරනවද දන්නේ නෑ..



යුංගිට ජීමින්ව මතක් නොවුනු මොහොතක් නැති තරම් ඒත් එයාට අද දවස ගොඩාක් busy උන නිසා office එකට යන්න හම්බුනේ නෑ..

ජීමින්ටත් ඒ වගේම තමයි එයාටත් අද දවස ගොඩාක් වැඩ පිරුනු දවසක් උනා.. එයාලා අද project එකේ ලොකු වැඩ කොටසක් ඉවර කරන්න plan කරගෙන තිබ්බා.. ඒ ටික ඉවර කරනකන් කන්ඩායමේ දහ දෙනාටම ටේගෙන් ගැලවීමක් ලැබුනේ නෑ.. අඩුම තරමේ ටේත් එක්කවත් කතා කරන්න ජීමින්ට වෙලාවක් තිබ්බේ නෑ..

වැඩ කරන ගමන්ම කෑමත් කන්න එයාල ළඟටම ගෙනල්ලා දීලා තිබ්බා ඒ නිසා එහාට මෙහාට යන්නවත් නැගිටින්නවත් එයාලට අවසර තිබ්බේ නෑ..

ඒත් එයාගේ හිතට මොකද්දෝ කියාගන්න බැරි ලොකු පාලුවක් දැනෙන බව වැඩ කරන අතරෙදි එයාට දැනෙන්න අරන් ගොඩාක් වෙලා..

කිසිම හේතුවක් නැතුව එයා සැරින් සැරේට එයාගේ phone එක දිහා බැලුවා..

ජීමින්ට තේරුම් ගන්න බැරි උනා එයාට කවදාවත් නැතුව දැනෙන මේ හිස් බව මොකද්ද කියලා..

ටේ හිටියෙත් ඒ වගේම ලෝකෙක තමයි..  එයා වැඩ එක්ක busy උනත් එයාට ජන්කුක්ගේ මූන මැවි මැවී පේන්න ගත්තා.. දෙතුන් පාරක්ම කර කර හිටපු වැඩේ වැරදුනා.. කවදාවත් තමන්ගේ code වල කිසිම වැරැද්දක් නොකරපු ටේගේ අවදානේ බිදිලා තියෙන බව දැකලා අනිත් අයටත් පුදුම හිතුනා..

Meaw's Endless Love (YoonMin)Where stories live. Discover now