ඇල්ජැන්රෝ෴
ඉස්සරහ ලොබි එක පාස් කරන ගමන්, ගුඩ් මෝනින් කියන හැමෝටම කට කොනකින් හිනාවක් දාන ගමන් මම වී.අයි.පී ලිෆ්ට් එකට නැගලා තර්ටි නයින් ෆ්ලෝ එකේ බට්න් එක ප්‍රෙස් කලා.
හොදටම හති දාගෙන ඈත ලොබි එකේ ඉදන් කොල්ලෙක් දුවගෙන එනවා දැක්ක මම ඩෝ එක පොඩ්ඩක් හෝල්ඩ් කරන් ඉදලා පොර ලගට එද්දිම කවුද කියලා අදුරගෙන ඩෝ එක ක්ලෝස් කරන බට්න් එක් ප්‍රෙස් කලේ කට කොනෙන් හිනාවක් දාගන. වෙන කවුරුත් නෙවේ ඒ දුවගෙන ආවෙ, මටම වදදෙන්න උපන් මගෙ අතිජාත මිත්‍රයා විනී.
ආවා මෙතන වී.අයි.පී ලිෆ්ට් එකේ යන්න. දැන් අනික් ලිෆ්ට් එකේ එයිනේ..
තර්ටි නයින් ෆ්ලෝ එකට යනකම් මගේ වැඩේ උනේ මට ඇවිත් තිබ්බ මේල් චෙක් කරන එක. ලිෆ්ට් එකෙන් බැහැලා මගෙ කැබින් එකට යන අතරතුර මගෙ පර්සනල් ඇසිස්ටන්ට් ස්ටෙලා මං ඉස්සරහට ආවෙ මගේ මෝනින් කොෆී එකත් අරන්
"ගුඩ් මොනින් ස්ටෙලා, තැන්ක් යූ, අද මගෙ ෂෙඩියුල් එක කොහොමද ? "
කොෆී එක ගන්න ගමන් මම ඇහුවා.
"ගුඩ් මෝනින් සර්,අද උදේ සර්ට ෂෙයාර් හෝල්ඩර්ස් ලා එක්ක මීටින්ග් එකක් තියනවා. ඊට පස්සෙ ස්පෙෂල් ක්ලයන්ට් කෙනෙක් ඉන්නවා සර්ව මීට් වෙන්න. ලන්ච් එකෙන් පස්සෙ විනී සර් එක්ක අකව්න්ට් චෙක් කරන්න තියනවා. හවස සර්ට, ලොකු සර්, ලොකු මැඩම් එක්ක ඩිනර් එක තියනවා.."
ස්ටෙලා එක හුස්මට කියන් ගියා. වයස අවුරුදු පනහක් විතර වුනු ඇය තාමත් තරුන වියේ වගේ පෙනුම තියන සුන්දර වැන්දඹුවක්. කවදත් කරදරයක් නැතුව පිළිවෙලකට මගේ වැඩකටයුතු සියල්ලක්ම මැනේජ් කරන ඇය ගැන මගේ හිතේ තිබ්බේ ගෞරවයක්.
දවසේ ෂෙඩියුල් එක අහපු මම ලොකු හුස්මක් අරන් කැබින් එකට ආයෙ යන ගමන් එක පාරටම පැත්තකට වුනා. මගේ පිටිපස්සෙන් උරහිසට පනින්න ආපු විනී ඉස්සරහට අඩියක් දෙකක් කඩාගෙන ගිහින් වැඩ ගොඩක් දාලා යන්තමට නොවැටී බේරුනා."උඹ #&#&&@ ,මම එනවා දැකලා ලිෆ්ට් එකේ දොර වැහුවා.. හිටපන් උඹට මම...."
විනීව සතපහකට ගනන් ගන්නැතුව මම කැබින් එකට ගියා. මගෙ පස්සෙන්ම ආපු විනී කැබින් එක ඇතුලට ඇවිත් ඩෝර් එක වැහුවා.

BINABASA MO ANG
CEO's Little Dancer (On hold )
Romance"වැඩකට නැති එකා..." "උබෙන් කාටවත් වැඩක් නෑ...." "උබට කවුරුවත් ආදරේ කරන්නෙ නෑ.." -ඩෙවන්- "ඩීල්..." "ටූ ලේට් හී ඊස් ගෝන්.." - ඇල්ජැන්රෝ- -මල්ටි බිලියන(ර්) ඇල්ජැන්රෝ -ඩාන්සින...