♡ 01

319 93 62
                                    

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

මේ සීත කාලේ..

නෑ වැරදුනා. මේ සීත සෘතුව.

ඉන්න! දෙකම එකයි නේද?

එහෙනම් මෙහෙම කියන්නද?

මේක සීත කලාපයක්. ආයෙත් වැරදුනොත් එහෙම මට කියන්න හරිද?

සීත කලාපයක් කියලා මම අදහස් කරන්නෙ අපි ඉන්න ඒරියා එකට සීතල විතරයි. හැමදාමත්. කිසිම දවසක ඉරක් පායන්නෙ නෑ. මෙහෙ අයට ඒක සාමාන්‍ය දෙයක්. ඒත් මොකද්දෝ හේතුවකට මට මේ සීතල නුහුරුයි. කාට කියන්නද? මොනාහරි කිව්වොත් එහෙම එයාලා මගේ දිහා බලන්නෙ මොන කජු ලෙල්ලක්ද මේ කියලා අහන්න වගේ.

හැමෝම එක වගේ නෑ කියලා ඇයි එයාලට තේරෙන්නැත්තෙ? දැනට නම් මට විතරමයි මෙහෙම අවුලක් තියෙන්නේ. සමහරවිට ඒ නිසා වෙන්නත් ඇති මගේ දිහා එහෙම බලන්නෙ.

කොහොම හරි. සීත කලාපය ඇරුනාම ගිම්හාන කලාපය, සරත් කලාපය, වසන්ත කලාපය කියලා තුනක් තියනවා. එතකොට ඔක්කොම කීයද?

හතරයි හතරයි. මට ගණන් පුළුවන් හරියැ?

ඉතින් අනික් කලාප වලත් උෂ්ණත්වය හෝ සීතල හෝ මොකක් හරි එකක් දරාගන්න බැරි අය ඇති නේද කියලා හිතුනු වාර අනන්තයි. ඒත් මොනවා කරන්නද? අපිට දේශ සීමාවෙන් පිට යන්න බෑ.

සීත කලාපය පාලනය කරන්නෙ මගේ අප්පා. ඊට කලින් හරාබොජි. ඊටත් කලින්- අ.. ඇත්තටම එයාට මම මොකද්ද කියන්න ඕන? හරාබොජිගෙ අප්පාට?

මොකක් උනත් ඊට කලින් හිටියේ එයා තමයි. ඊට කලින්.. ඊටත් කලින්.. තේරෙනවනෙ?

ඉතින් මම මේ කියන්න උත්සහ කලේ පරණ පාලකයෝ ගැන නෙමෙයි. අනාගත පාලකයා ගැන.

ඔව් ඉතින් මම තමයි. වෙන කවුද?

අප්පාගෙ එකම පුතා මම.

සෝ.. අයිම් ද' ෆ්‍යුචර් කින්ග් ඔෆ් දිස්- සීත සෘතුව.

අනෙ මම ඒකේ ඉංග්‍රීසි වචනෙ දැනගෙන හිටියේ. පොඩ්ඩක් අමතක උනා ඉතින්. මදැයි පොස් එකට ඉංග්‍රීසියෙන් කියාගෙන ආවා. 

වටෙවර්! මම පාලකයා උනාම මුලින්ම කරන්නෙ දේශ සීමා අයින් කරලා දාන එක. ඇත්තටම ඒක හරි කරදරයි. අපි දන්නෙ නෑ වටේ මිනිස්සු කවුද කියලවත්. ඒක හොඳද මම අහන්නෙ?

අසල්වැසියෝ අඳුරගන්න එපැයි.

මහ ලොකුවට කියෙව්වට මම පාලනය බාර ගන්න බයයි. මම පාලකයා වෙන්න කලින් මැරි කරන්න ඕන. ඒක නීතියක්ලු. මල විකාර තමයි.

මම කාටවත් ආදරේ කරන්නෙත් නෑ. කරන්න දන්නෙත් නෑ. එතකොට ඔම්මා හෝ අප්පා කියන කෙනාව තමයි මම බඳින්න ඕන.

අඳුරන්නැති මනුස්සයෙක් එක්ක පවුල් කන්නෙ කොහොමද?

මොන නීති විරෝධී වැඩක්ද?

ඒ උනාට මුන්ගෙ මල හිලව් නීති අවශ්‍ය දේකට නෑ. අහවල් එහෙකට දානවද මන්දා නීති!

ඔහොම ඉන්න.. බැරි වෙලාවත් මගේ නම කිව්වේ නැද්ද මම?

ප්ෆ්ෆ්ට්!

මම ජිමින්. පාර්ක් ජිමින්. අරස්සෝ?

වයස? ඕනද? මොකටද?

වයස විසි එකයිලු මට.

පොඩියි?

ඒ උනාට කට පොඩි නෑ හරි? මට ඕන වෙලාවක කතා කරන්න වගේම බනින්නත් වචන තියනවා.

පරිස්සම් වෙලා ඉන්නවා!

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

ᴄʀʏsᴛᴀʟ sɴᴏᴡ • ᴍɪɴɢᴜᴋ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]Where stories live. Discover now