~ Epilogue ~

258 67 17
                                    

දින ,සති හෙමීට ගෙවිලා ගියා. කිසිම වෙනසක් නැහැ . jimin ට දැනුනෙ මුලු ලෝකෙම හිස් බවින් පිරිලා වගේ.

yun මැරුන දවසෙ ඉදන් jimin ආයෙත් පරන හිටපු කෙනාම උනා. පරන කෙනාටත් වඩා හුගක් නරක අතට හැරෙන්න ගත්තා.
so yun මැරුන දවසෙ ඉදන් jimin කා එක්කවත් කතා කරන්න ගියේ නැහැ. එයා කරේ ගෙදරට වෙලා මුලු දවසම බීපු එක. jimin ට ඕනෙ උනා මුලු ජීවිත කාලෙම yun ගෙ මතකයත් එක්ක තනි වෙන්න. jimin college යන එකත් නවත්තලා දැම්මා.

මේ මුලු කාලෙ පුරාම jimin ගැන හොයලා බැලුවෙ han soul, taehyung දෙන්නා විතරයි. එයාලා හැමෝම හුගක් ආදරේ කරපු yun නැති උන එක තුන් දෙනාම දරාගත්තෙ හුගක් අමාරුවෙන්.

එයාලාගෙ මූනු වලට හැමදාම හිනාවක් ගේන්න yun ට පුලුවන් උනා. කොච්චර දුකෙන් හිටපු දවස්වල උනත් මොකක්ම හරි දෙයක් කියලා එයාලව හිනැස්සු⁣ව කෙනා මෙහෙම හිතුවෙවත් නැති විදිහට එයාලව දාලා ගිහාම හැමෝම හුගක් දුකෙන් හිටියෙ.

සමහර දවස්වලට jimin හොදටම බීලා ගෙදර ආපු නැති දවසුත් තිබුනා. ඒ සමහර දවස්වලට taehyung  jiminව හොයාගත්තෙ yun ගෙ සොහොන ගාව ඉදලා. ඒ තරමටම jimin අවසිහියෙන් වගේ වැඩ කරේ.

Jimin ගෙ සතුට තිබුනෙ පොඩි කාලයයි. ඒ එයා yun එක්ක හිටපු කාලෙ.

දවසක් taehyung ට රෑ වෙලා ආපු call එකක් නිසා එයා හුගක් බය උනා. call එක ආවෙ hospital එකෙන්. කතා කරපු කෙනා කිව්වෙ jimin හොදටම බීලා පාර මාරු වෙන්න යද්දි වාහනේකට හැප්පුනා කියලා. ඒක අහපු ගමන්ම tae hansoul එක්ක hospital එකට ගියා. එයාලා යද්දිත් jimin ට surgery එකක් කරන ගමන් හිටියෙ.

මොකක් හරි වාසනාවකට jimin ගෙ ජීවිතේ බේරගන්න පුලුවන් උනා. jimin මෙහෙම දවසින් දවස දුර්වල වෙනවා බලන්න බැරිම තැන hansoul තීරනයක් ගත්තා.. yun නැති උන දවසෙ jimin ට නොකියපු දෙයක් කියන්න.

"yun.. මගෙ yun.. එයා එතන හිටියා.. මම දැක්කා.... "

jimin ගෙ surgery එකෙන් පස්සෙ සිහිය ආපු ගමන්ම කොල්ලා yun ගැන කියලා කලබල වෙන්න ගත්තා.

taehyung jimin ව බදාගෙන එයාව සන්සුන් කරන්න උත්සහ කරා.

"jimin.. මට ඔයාට මේක කලින්ම පෙන්නන්න තිබුනා. ඒත් මම බය උනා ඔයා තවත් දුක් වෙයි කියලා. ඒත් ඔයා මෙහෙම හැසිරෙනවා අපිට බලන් ඉන්න බෑ"

🚫 THE KILLER 🚫Where stories live. Discover now