🍁පොඩි කතාවක් 😌......කියවලා බලලා මොනාහරි කොටන් යන්න 🥰........
.
.
🍁හායි 🖐️.....ඔන්න මං ආයෙ පොඩි කතාවක් අරගෙන ආවා....පොඩි කිව්වට කොටස් 2ක් 🤭....කියවලා හොද නරක කියාගෙන යන්න........
.
.
.
.ජීවිතේ කියන්නෙ හරිම පුදුම නවාතැනක්......අපේ දෛවය කොයි විදියටද තීරණය වෙලා තියෙන්නෙ කියලා කවුරුවත් දන්නෙ නෑ 🥺.......දන්නවද මිනිස්සු පොරොන්දු දෙන්නෙ මුලු ජීවිත කාලය පුරාවටම ඒ පොරොන්දුව රකින්න පුලුවන් නම් විතරයි .......ඒත් මේ ඔයාලා ඉස්සරහා ඉන්න මම දීපු පොරොන්දුවක් කඩන්න වෙන නිසා අද විදවනවා.....මං ඔයාට කියන්නෙ රකින්න බැරි පොරොන්දු කවදාවත් දෙන්න එපා......ඒක දෙන්නටම දුකක්....සමහරු කියනවා පොරොන්දු තියෙන්නෙ කඩන්නලු.....නෑ ඒක වැරදී....පොරොන්දු තියෙන්නෙ රකින්න.....මුලු හදවතින්ම ආරක්ෂා කරන්න.....මම මගේ පොරොන්දුව කඩන්නෙ එයාගෙම හොදට.....ඒත් ඒකෙන් දෙන්නටම හොදක් ලැබෙයිද 🥺නෑ ඒත් මට අද එයාට දුන්න පොරොන්දුව කඩන්න වෙනවා....
එයාගෙ අනාගතේ වෙනුවෙන් එයාව අතෑරලා දාලා සාගරයක් තරම් ආදරයක් මට නැති කරගන්න වෙනවා.....එහෙනම් මං එයාව හම්බවෙලා මේ සම්බන්ධෙ නවත්තලා එන්නම්......හ්ම්ම් මගෙ පොරොන්දුව කඩන්නයි මං යන්නෙ 😥.....ඔයා අපේ කතාව ගලාගෙන යන විඳිය බලාගන්න....මං යන්නම්.....
.
."Yibo මට ඔයාව meet වෙන්න ඕන....."
"බනී ඇයි මේ කවදාවත් නැතුව මට නම කියලා කතා කරන්නෙ....ඔයා අවුලකින්ද බබා....."
"නෑ නෑ ප්රශ්නයක් නෑ.....ඔයා හවස 4 වෙද්දි Senari cafe එකට එන්න......"
"හරි මැණික මං එන්නම්...."
Yiboට Zhanගෙ කතාවෙ අමුත්තක් දැණුනත් ගණන් ගන්නෙ නැතුව හරියටම 4 වෙද්දි cafe එකට ආවා.....
Yibo Zhan කියන්නෙ ලොකු business families දෙකක ළමයි දෙන්නෙක් ......මේ දෙන්නා ආදරේ කරන්න පටන් අරන් දැන් අවුරුදු දෙකක් වෙනවා......මේ වෙනකම් Zhan ,Yiboට නමින් කතා කරලා තිබ්බෙ නෑ....ඒක මතක් වෙලා දුක හිතුණත් ආයෙ හිත හදන් Yibo ඇතුලට ගියා.....
Yibo යද්දිත් Zhan ඇවිල්ලා හිටියා.....ඒත් තනියම නෙමෙයි එයා එක්ක කෙල්ලෙකුත් හිටියා.....Yiboගෙ හිත ගැස්සිලා ගියත් වෙනසක් නොපෙන්වාම එයාලා හිටපු තැනට ගියා....