Jungkook's POV
~ ඒක ගෑනු ලමයිගේ චේන්ජින් රූම් එක.
කිම් කණු ටේහ්යුන්ග්ව හොයාගෙන යන්න මම එතන තිබ්බ පුටුවක් උඩින් මගේ ඇදුම් බෑග් එකයි, ෆෝන් එකයි තියලා පූල් එක ලගට ආවා. කැප් එක හරියට දාගෙන පූල් එක දිහා බලන් ඉන්න කණු ටේහ්යුන්ග්ව දැක්ක ගමන්ම මම දුවලා ගිහින් එයාගේ පිටිපස්සෙන් එයාගේ කරේ එල්ලුනේ ආයේ ඔය වගේ කැත වැඩ කාටවත් කරන්නේ නැති වෙන්න පාඩමක් උගන්නන්න කියලා හිතාගෙන...
කිම් කණු ටේහ්යුන්ග්ගේ කරට නැගලා මම මගේ කකුල් දෙකෙන්ම එයාගේ වටේ දාගෙන අත් වලින් එයාගේ ඔලුව අල්ලගෙන බෙල්ල කෑවේ ආයේ මේක කවදාවත් අමතක නොවෙන්න කියලා හිතාගෙන. මම බෙල්ල කන අතරේ එයා මාව බිමට දාන්න එහෙට මෙහෙට කැරකුනා. මට නිකන් කුලු හරකෙක්ව මෙල්ල කරන කව් බෝයිගේ ෆීලින් එකක් එනකොට එයා මාව වීසි කරන්න ඇග ගස්සනකොට මාව විතරක් වීසී වෙලා ගියා.මම තනියම වීසි වෙන එක හොද නෑ කියලා හිතුන හන්දා අත දිග ඇරලා එයාගේ බාහුවෙන් අල්ලගත්තේ බිමට වැටෙනවා නම් එයත් එක්කම වැටෙන්න කියලා හිතාගෙන. ඒත් උනේ අපි දෙන්නම් පූල් එකට වැටුන එක.
නොහිතපු වෙලාවක පූල් එකට වැටුනම මම වතුර යටටම ගියා.වතුර යටදි මම දැක්කා කිම් කණු ටේහ්යුන්ග්ත් මගේ වේගෙන්ම පූල් එකේ පතුලට ඇදෙනවා. එයාට ඔච්චම් කරන්න ඕනේ උනත් මම ඒ මොකුත් නොකරේ වතුරේ හුස්ම ගන්න බැරි හන්දා. කකුල් දෙක ගසලා වතුරෙන් උඩට ආව මම ලොකු හුස්මක් ගත්තේ හුස්ම ගොඩක් වෙලා හිර කරන් හිටපු හන්දා.
ඒත් මට වැඩි වෙලා හුස්ම ගන්න බැරි උනේ කොහෙන්ද ආව අතක් මගේ කකුලෙන් වතුර ඇතුලට ඇදගත්ත හන්දා. වතුර යටට ගිහින් ඇස් ඇරලා බැලුවම කිම් කණු ටේහ්යුන්ග් වතුර යට ඉදන් මගේ කකුල අල්ලගෙනම හිටියා. කකුල මගෙ පැත්තට අදින්න හදපු හැම වෙලේම එයා මට කකුල දෙන්නේ නැතුව කකුල අල්ලගෙන ඉන්නකොට මගේ හුස්ම ටික ටික ඉවර වෙන්න ලන් උනා. එයා අල්ලගෙන ඉන්න කකුලට මම මගේ අනිත් කකුලෙන් ගහලා මගේ කකුල නිදහස් කරනකොට මම ඉක්මනට වතුර උඩට ආවේ හුස්ම හිර වෙන්න අන්තිම මොහොතේ හිටපු හන්දා.
ඒත් කිම් කණු ටේහ්යුන්ග් ගේම් එක අතඇරියෙම නෑ.මට එයත් එක්ක ෆයිට් කරන එක අමාරු උනේ මම කැශුවල් කිට් එකෙන් හිටපු හන්දා. වතුර පාරට මම හිතන හිතන විදිහට චලනය වෙන්න මගේ ඇදුම් බාධාවක් උනා. කිම් කණු ටේහ්යුන්ග් මගේ කකුලෙන් ඇදගෙන යනකොට මම එයාගෙන් බේරෙන්න යන්නේ නැතුව මම එයාගේ ඇග පැත්තට ගියා වතුර ඇතුලේ උනත් මම කිම් කණු ටේහ්යුන්ග්ගේ මූණේ තිබ්බ පුදුමය හොදට දකින්න පුලුවන් උනා. කණු ටේහ්යුන්ග්ගේ ලගටම ගිහින් එයාගේ ශෝල්ඩර් එකෙන් අත තිබ්බ මම එයා අල්ල්ලන් ඉන්න මගේ කකුලම පොඩ්ඩක් නවලා එයාට ගැහුවා. වතුර ඇතුලේ එයා පිටිපස්සට ගිහින් ඉක්මනට උඩට යනකොට මම මගේ පලි ගැනීම කරන්න පටන් ගත්තේ දැන් මගේ වෙලාව කියලා හිතුන හන්දා. එයාගේ ඉණෙන් ඇදලා අරන් ආයේ වතුර ඇතුලට ගන්නවා කියලා හිතුවත් මගේ අතින් ඇත්තටම උනේ එයාගේ ස්විමින් පෑන්ට් එක පහලට ඇදුන එක. එක පාරටම මගේ අතින් උන දේ මොකක්ද කියලා මට තේරුම් යනකොට මන් ස්විමින් පූල් එකෙන් එලියට යන්න පීනුවේ දැන් මගේ වෙලාව ඉවර වෙන්න යන්නේ කියලා මගේ හිත කිව්ව හන්දා. කිම් ටෑහ්යුන්ග් ගෙන් බේරිලා මම පූල් එකෙන් එලියට අඩිය තියනකොටම කිම් ටේහ්යුන්ග් මගේ පස්සෙන් එනවා කියලා තේරුනම මම දොර පැත්තට දුවගෙන ගියේ මගේ ජීවිතේ බේරගන්න. මම හිතන්නේ මම දුවන වේගෙට වඩා වේගෙන් මට පීනන්න්න පුලුවන්.
KAMU SEDANG MEMBACA
Lilac vs. Lily | Tae × Jin × Kook | Completed
Fiksi Penggemarකවුද කැමති තමන්ගේ ආදරය මරලා දාන්න. මම එයාට ආදරේ කරන තරමටම මගේ ඇග ඇතුලේ පැලවුන මල් පැලයටත් ආදරේ කරා. වේදනාවක් දුන්නට ඒ සුදු පාට මල් පෙති වලට, ඒ සුදු පාට මල් වලට මම ගොඩක් ආදරේ කරා..... 'හැනහකි...' මවාගත්ත ලෝක වල මම දැකපු ලස්සනම දේවල් වලින් එකක් 'හැන...