මම Kim Yeontan 😎! බොලාල මේ කපේට හිතුවෙ නෑ නේද බල්ලෙක්ට ඉරිසියාවෙ පැලෙන්න වෙයි කියල. අන්න ඒ තත්වෙට ඔය ආමි නෝනලා ටික පත් කරපු ඒ ලෝකප්‍රසිද්ද බලු අයිඩල් තමයි මම.මගේ ඩැඩියත් අයිඩල් කෙනෙක් තමයි.ඒත් එයාගෙත් අයිඩල් මම තමයි.තේරුණාද මන්ද 😪
ඔයාල හැමදාම ප්‍රාර්ථනා කරානෙ මට කතා කරන්න පුළුවන් උනා නම් කියල.අනේ මගෙ බලු කට!මං දන්නව ඒ මට ආදරේකට නෙවෙයි කියල.බොලාලට ඕන නේද මේ බැන්ග්ටැන් අයියල හත් දෙනාගෙ හැංගුන එව්ව මෙව්ව දැනගන්න 😁.මං දන්නව මං දන්නව.ඔය ඔක්කොම සහස් මාත් එක්ක සැංගිලා තමයි තියෙන්නෙ.දැන ගන්න ඕනද? අප්පෝ තොපේ කෙළ පිහම්දගනිම්ල 😪🤮.එකින් එක කියන්නම්.හැබැයි ඩැඩියටයි අර අනිත් වසවර්තියො හය දෙනාටයි මං කීව කියල එහෙම කියනව නෙවෙයි 😌 කීවොත් ඒම අනේ ඔය ආමි නෝනල ටික හොරෙන් කොන්සර්ට් බලන ගානෙ ලින්ක් ඔක්කොම ටික මෙව්ව වෙන්නෝන.ඒස්ස් වාහ්හ්හ් පුහ් 😌
අද ඉදල මම මගේ කතාව කියන්නම්.මේ අහිංසක මගේ දුකත් ඔයාල අහන් ඉන්නෝන හරිද 😪.මේව ඩැඩීට කීව කියල තේරෙන එකක් යැ. අර වීදුරු පිහදාන හිනාව දාන ජින් අයිය ඉන්නව නේද අනේ එයාගෙ ඒ කීන් හිනාව ඇහෙද්දි මගේ කන් සලිත වෙලා මයිල් මිලින වෙලා යනව 🙂.එතකොට අර උස හාදය.දෙවියනේ අන්තිමට ආව දවසෙ මං ආසම සෙල්ලම් බඩුව ඇල්ලුව විතරයි සුනේ සුන් 😭 මුගෙ තියෙන චපලකම කියන්නෙ කැඩුවට පස්සෙ කියපි කැඩිලලු තිබ්බෙ.මං කියම්නෑ කොහෙද කැඩිල තිබ්බෙ කියල ඉතින් 🙂. එතකොට අර කොට ඩෑල් එක නම් ටිකක් හොදයි.කොහෙ හරි ගියාම මට අවට වට පිටාව පෙන්නන්නෙ එයා තමයි.එතකොට අර පූස් අයිය.එයාගෙන් නම් මට වදයක් නෑ.මනුස්සයගෙ විනෝදාංශෙ නිදා ගන්න එක.එතකොට අර ශන්ශයන් 😍😍 අන්න එයා හරි සෝක් අප්ප.හැබැයි මගෙ කට කන එකට නම් මං පොඩ්ඩක්වත් කැමති නෑ.එතකොට අර ඩැඩීලගේ ගෝල්ඩන් පොඩ්ඩ 🙂 මෑන් නම් මට ටිකක් කැමති නෑ වගේ.ඉරිසියාකාර කුක්ක.
එහෙනම් ඉතින් ඔයාල නොදන්න සස්සන රහස් මං කියන්නම්.කෝ කෝ අත්පුඩියක්වත් ගහහල්ල මාව දිරිමත් කොරන්න.මාව පාවල දෙනව එහෙම නෙවෙයි හුම් 😒😒.. එක දවසට එක රහසක් තේමාව යටතේ ටැනී වන මෙමා මෙතැන් පටන් මගේ බව් අදෝනාව දිග හරින වගයි..! බව් බව් බව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්
☘️හායි බබාල.මේක නම් ඩේලි දෙන්න පොරොන්දු වෙනව.හුදෙක් විනෝදය සදහා බව කරුණාවෙන් සළකන්න හාද 🤭 ඔම්න එහෙනම් මං ටැනියව කතා කෙරෙව්ව.මටත් ඔය උම්ම එක ගානෙ දීල යන්න.
_Min Seok_
🐕❤️
YOU ARE READING
Hi මං ටැනී 🌸😋
Fanfictionටැනීට කතා කරන්න පුළුවන් උනොත් මොනව වෙයිද 😉 ඔන්න එහෙනම් ටැනී එයා දන්න අතිශය පෞද්ගලික එව්ව මෙව්ව අපි එක්ක කියන්නයි යන්නෙ. එහෙනම් ඔන්න ටැනී එක්ක වරුවක්! මේ ලස්සන හවසක්! #Just for fun