vk_panther ගෙන්
මම මහලොකු writer කෙනෙක් වත් දක්ෂ කෙනෙක් වත් නෙවෙයි. ඒත් මම දන්න විදියට කියන්නම්. කාගෙ හරි හිත් රිදවීමක් උනොත් සොරි.
1. මුලින්ම පොතක කවරෙ ගැන කියන්නම් කෝ. මොකද පොතක් කවුරු හරි කියවන්නත් කලින් මුලින්ම ඇහැ යන්නෙ ඒකට. ඉතින් කවරෙ හදන්න පොතේ වර්ගයට ගැලපෙන විදියට. පැහැදිලි ඉන්න චරිත වල මූණු පැහැදිලි ව පේන කවරයක් හදන්න උත්සාහ කරන්න. කවර හදන්න blend me, background remover යි වට්පෑඩ් වලින් දෙන book covers කියන දම් පාට ඇප් එකයි තමා මම නම් පාවිච්චි කරන්නෙ.
Canva වගෙ නම තියන app එකකුත් තියනවා. මට ඒක හරියට පාවිච්චි කරන්න තේරෙන්නෙ නෑ. ඒකත් හොඳයි මම හිතන්නෙ. තමන්ට කවරයක් හදාගන්න බැරි නම් cover shop එකකට දීලා වැඩේ කර ගන්න.Don't judge a book from its cover කිව්වට ඇහැ යන්නෙ කවරෙට තමා මුලින්ම. ඒක තමා ඇත්ත.
2. එතකොට පොතේ නම. පොතේ නමත් අනන්‍ය ආසා හිතෙන කුතුහලයක් ඇති වෙන නමක් දාන්න උත්සාහ කරන්න. ඒ වගේම පොත ගැන විස්තරෙත් කුතුහලයක් ඇති වෙන්න දාන්න උත්සාහ කරන්න.
'කියවලාම බලන්නකෝ' ඔය වගේ ඒවා නොදා කතාව ගැන පුංචි හැදින්වීමක් කරන්න උත්සාහ කරන්න.
3. ඊට පස්සෙ ටැග්ස්. කතාව හොයන්න උදව් වෙන්නෙ tags. #sinhala #srilanka #සිංහල ඔය ටික තමා පොදු tags. Fan fiction නම් ඒ ටැග් එක දාන්න. BTS FF නම් btssinhala btsfanfiction දාන්න. ඒ වගේම එයාලාගෙ නම් , ෂිප් කතාවක් නම් ෂිප් එකෙ නම ටැග්ස් වලට දාන්න. ඊට අමතරව lovestory, romance ,comedyromance වගේ ටැග්ස් ටිකකුත් දාන්න. මම හිතන්නෙ උපරිම දාන්න පුලුවන් ටැග් 25යි. පුලුවන් නම් 25ම දාන්න.
4. ඒ වගේම නම ලගින් පුලුවන් නම් කතාවෙ වර්ගෙ, උදාහරණයක් විදියට Taehyung X girl නම් kth වගේ, ෂිප් එකක් නම් ෂිප් එකෙ නම වරහන් කරලා දාන්න. ඒ වගේම කතාව complete කලාම ✓ක් හරි completed වගේ දාන්න. ඒක පහසුයි මම හිතන්නෙ කියවන අයට.
YOU ARE READING
writing tips from famous wattpad authors
Acak(sinhala) ප්‍රසිද්ධ wattpad authors ලාගෙන් writing tips