Min_Kisha. ගෙන්
• මම ලියන්න තෝරගන්නෙ හිතට දැනුන දෙයක්. ඒක ලියන්න ඕනෙ කියලා හිතුනොත් විතරමයි මම ලියන්නෙ. එහෙම නැතුව බලෙන් වගේ ලියන්න හැදුවට මට ලියාගන්න බෑ සාමාන්‍යයෙන්.
• පොතට නමක් තීරණය කරනකොට ඒක පොතට ගැලපෙන, ආවේණික නමක් වෙන්න ඕනෙ. එකම විදිහෙ, පොදු භාවිතයේ තියෙන නම් පාවිච්චි කලාම කොයිතරම් හොඳ පොතක් උනත්, කොයි තරම් හොඳ ප්ලොට් එකක් උනත් අනිත් ඒවයෙන් වෙනසක් නැතිව යනවා.
• මම කතාවක නම් මුලින්ම සැකිල්ල හදාගෙන ඉන්නවා. ඊට පස්සෙ ඒකට අවශ්‍ය අමතර විස්තර හොයනවා. සමහර වෙලාවට කතාව ලියාගෙන යනකොට තව දේවල් ඕනෙ වෙන්නත් පුලුවන්. ඒ හැම දේම හරියට හොයාගන්න මම උත්සහ කරනවා.
• කතාවට ගැලපෙන තේමාවලට ලියවුණ තව පොත් තිබුනොත් ඒවාත් කියවලා බලනවා. ඒ වෙලාවේ හැටියට ෆිල්ම් එකක් ඩ්‍රාමා එකක් උනත් බලන්න ඉඩ තියෙනවා. වෙලාවකට මම කතාව ලියන්න ගන්න කලින් ඒකට ගැලපෙන සින්දු අහනවා. මගෙ කතා ගොඩකට සින්දු මුල් වෙලා තියෙන නිසා ඒක මට උදව්වක්. හැබැයි මට ලියන අතරතුර සින්දු අහන්න බෑ. එතකොට ලියන එකෙන් අවධානෙ නැතුව යනවා.
• කතාවෙ තේමාවට ගැලපෙන තව විශේෂ සිද්දි එහෙම මතක් උනොත් ආයෙ පාරක් ඒවා ගැන හොයලා බලනවා. Fan-fiction එකක් වගේ ලියනකොට නම් පුලුවන් තරම් ඒකට මුල් කරගත්තු කෙනා ගැන හොයලා බලනවා. එයාගෙ පෞරුෂත්වයට අදාලම නොවෙන දේවල් එයාගෙ විදිහට නොදා ඉන්න ගොඩක් උත්සාහ කරනවා.
• කතාව ලියනකොට මම ඒ හැම සිද්දියක්ම මවාගන්නවා. ඒ වෙලාවෙ එතන ඉන්න කෙනෙක්ට දැනෙන දේ හිතනවා. පුලුවන් තරම් තාත්වික විදිහට ලියන්න උත්සාහ කරනවා.
YOU ARE READING
writing tips from famous wattpad authors
Random(sinhala) ප්‍රසිද්ධ wattpad authors ලාගෙන් writing tips