ඩෙවන්෴
"අම්මාවයි තාත්තවයි මරාගත්ත එකා..."
"මැරිලා පලයන්.."
"උබ නම් සාපයක්... "
"කවුද උබට ආදරේ?.."
"උබෙන් කාටවත් වැඩක් නෑ.."
ටික වෙලාවක ඉදන් බාත්රූම් ෆ්ලෝ එක රතු පාටිත් සිත්තම් වෙන්න ගත්තේ පරන මතකයන් එකින් එක ගලාගෙන එද්දි. ඒවා මතක් වෙන වාරයක් පාසා මගේ දකුනු අතේ තිබ්බ බ්ලේඩ් තලේ, වම් අතේ වැලමිට ගාව ඉදන් මැනික් කටුව ගාවට එනකම් කුරුටු ගාන්න ගත්තේ එක උඩ එක.. මගේ දරා ගැනීම,ආතතිය, මම කොච්චර ප්රශ්න ගැන හිතනවද කියලා දන්නේ මගේ මේ වම් අතේ තියෙන කුරුටු බලි තමා.. කාලයක් තිස්සෙ පුරුද්දක් විදියට කරගෙන යන නිසා ගැඹුරට තුවාල ඇති කර නොගන්න විදිය මම අත්දැකීමෙන් දැනන් හිටියා..
"උබවත් උබට ආදරේ කරන්නෙ නැති එකෙ වෙන කවුද උබට ආදරේ කරන්නෙ?..."
බ්ලේඩ් තලය තවත් පාරක් අත හරහා ගියේ ෆ්ලෝ එක තවත් රතු පාට කරමින්.. බාත්රූම් එකේ බිත්තියේ තිබ්බ මල් මෝස්තරය බොද වෙලා හෙමීට පේන්නෙ නැතුව ගියේ දකුනු අත උස්සගන්න පන නැති වෙනවත් එක්කමයි.. බිත්තියට හේත්තු වෙලා ම ඇස් දෙක පියා ගත්තේ ටැප් එකේ වතුර පාරට ෆ්ලෝ එකේ තිබ්බ වතුර බිංදු බොද වෙලා නොපෙනී යද්දි....
------------------------------------------------------------------
ආයෙමත් මගෙ ඇස් දෙක හෙමීට ඇරෙද්දි ටික වෙලාවක් මම එහෙමම ඉදලා කියලා මට හිතුනේ හොට් වෝටර් එක කූල් වෙලා මට දරා ගන්න බැරි සීතලක් දැනෙද්දි.. මාව ඇහැරෙන්න ඇත්තෙත් සීතලට වෙන්න ඇති..
පාන්දර නින්ද ගියෙ නැති නිසා බාත්රූම් එකට මම ආවත් දැන් උදේ වෙලා කියලා තේරුනේ බාත්රූම් වින්ඩෝ එකෙන් ලාවට ඉර එලිය වැටෙද්දි.. කොච්චර වෙලා මම ඇතුලේ සීතලේ ඉදලද කියලා හිතාගන්න බෑ..
හොට් වෝටර් වලින් හොදට නාලා වම් අත සුද්ද කරලා බේත් දාගෙන මම ටවල් එක පිටින් එලියට එද්දි මාව රතු වෙලා..
අද ඉදන් වැඩට යන්න ඕනි නෙ..
බැගී ටී ෂර්ට් එකට කම්ෆටබල් ජීන් එකක් ඇදලා ස්නීකර්ස් දෙකත් දාගත්තෙ ෆස්ට් ඩේ එක නිසා දවසම ප්රැක්ටිස් කරන්න වෙන බව දැනන්... බැන්ඩේජ් කරපු අතට උඩින් ස්කාර්ෆ් එකක් ගැටගහගත්ත මම කිචන් එකට ගිහින් ලෙෆ්ට්ඕවර් වෙච්ච කෑම ටික රත් කරලා කන්න ගත්තේ ඇගට පන ගන්න වගේම නැති වුන ලේ ටික උනන්නත් එක්ක...

ESTÁS LEYENDO
CEO's Little Dancer (On hold )
Romance"වැඩකට නැති එකා..." "උබෙන් කාටවත් වැඩක් නෑ...." "උබට කවුරුවත් ආදරේ කරන්නෙ නෑ.." -ඩෙවන්- "ඩීල්..." "ටූ ලේට් හී ඊස් ගෝන්.." - ඇල්ජැන්රෝ- -මල්ටි බිලියන(ර්) ඇල්ජැන්රෝ -ඩාන්සින...