යීබෝ Phone එක දෙස බලා සිටියේ සුශීගෙන් ලැබෙනවා යැයි කියූ කෙටි පණිවිඩය ලැබෙන තුරුයි... නමුත් සුශී හිතාමතාම එය ප්‍රමාද කරන්නට විය.. මේ අතරතුර යීබෝ යූ බින්ට ඇමතුමක් ගෙන සිදුවු දෙය එකින් එක විස්තර කලේ මේ මොහොතේ ඔහුට සහය විය හැකි එකම පුද්ගලයා ඔහු වූ නිසාය .....◻️ කලබල වෙන්න එපා බන් ... අපි දෙන්නම යන් ... සුශී ඔය කිව්වට චාන්ට මුකුත් කරන එකක් නෑ...
🦁 නෑ බන් මං තනියම යන්නම්... ඌව Sure කරන්න බෑ.. මගේ අහිංසකයට මොනවාහරි කලානම් මට ජීවත් වෙලා වැඩක් නෑ... ඒ නිසා මේ වෙලාවේ අවධානමක් ගන්න මට බෑ...
◻️ යීබෝ උඹ ඔහොම වැටිලා හරියන්නේ නෑනේ.. තැන කියනකම් හිටපන් ... අපි කරන්න පුලුවන් දෙයක් බලමු..
🦁 අනේහ් බන් බනී කොහොම ඉන්නවද දන්නෑ .. 🥺🥺 මට තිබ්බා එයාව තනි නොකර ඉන්න...
◻️ වෙච්ච දේවල් ගැන නෙවෙයි ඉස්සරහට කරන්න පුලුවන් දෙයක් ගැන හිතමු.. Be Strong Yibo ... චාන්ට මුකුත් වෙන්නේ නෑ....
ඇමතුමේ සිටින අතරම සුශීගේ කෙටි පණිවිඩය ලැබුනේය...
📲" No . 135/6
Old shenai road,
Yi city,
Liaoning,
Shenyang "📲 පැය පහක් ඇතුලත මේ තැනට ආවේ නැත්තම් ඔයාගේ බනී ඔයාගේ මමා ගිය තැනටම යයි... 😂
📲 Your time starts now Yibo ...
🦁 මෙච්චර දුරකට අරන් ගියේ මොන එහෙකටද ?
Phone Screen එක දෙස බලාගෙන යීබෝ තරහින් කෑසන්නට විය...⚪ යීබෝ අයියා චාන් කොහෙද ?
මෙතෙක් වෙලාවක් යීබෝගේ ක්‍රියාවන් දෙස නිහඩව බලා සිටි ෆෙන්ග් ඔහුගේ හඩ අවදි කලේ යීබෝ මෙවර වඩාත් කලබලකාරී ලෙස හැසිරුන නිසාය ....
🦁 Shenyang වල... මං දැන්ම යන්න ඕනි ...
⚪ මාත් එන්නද ?
🦁 එපා ෆෙන්ග් මේ ගමන භයානකයි .. මං ආපහූ නොඑන්නත් පුලුවන් .. මං ආවේ නැතත් බනී එයි .. එයාව හොදින් බලාගන්න ...
⚪ යීබෝ මොනවද මේ කියවන්නේ...
🦁 ෂ්ෂ්ෂ් ... කියන දේ අහලා ඔයා ඉන්න... මං කියපුවා මතක තියාගන්න ..
" මැණික ටිකක්වත් බය වෙන්න එපා මං පුලුවන් තරම් ඉක්මනට ඔයාගේ ලගට එනවා "
ESTÁS LEYENDO
We Are Made To Love
Fanficප්‍රේමය නම් වූ සංසාරික බැදීම වෙනුවෙන් පෙර ආත්මයේද, මේ ආත්මයේද සසර පුරාවටම මතු මතු ආත්මයක් පාසාම මා ඔබ වෙනුවෙන්ම උපදින්නම් ........ දිනක අප අමරණීය වේවි සසර ගමන නිමා වේවි එදින දක්වාම ආදරයෙන් මා පරිස්සම් කරන එකම වස්තුව නුඹයි .... කොටින්ම මාගේ ප්‍ර...