"මැඩම් අපි ආවා"
"ආහ් දේ"
ටැක්සියෙන් කඩිමුඩියේ බැහැගත්ත මම ඇගලාගෙන හිටපු කෝට් එක තව ටිකක් තද කරගත්තේ වාහනේ ඇතුලත තිබුනු සීතල එලියේ වැටුනු හිම එක්ක සන්සන්දනය කරද්දී එලියේ සීතල ඕනවටත් වඩා මට දැනුනු නිසයි.
ඔව් මේ ශීත සෘතුවයි.
දැනුනු දැඩි සීතලට කටින් පිට උනු හුස්මත් එක්ක මම අත් දෙකෙන් මාවම වැලදගත්තා.
මම ආපු ටැක්සිය මිනිස් පුලුටක්වත් නැති පාලු පාරක ලොකුම ලොකු තාප්පයක් මැද්දට වෙන්න තිබුනු විශාල ගේට්ටුවක් ලග මාව තනි කරලා ගියා නෙවෙයි ඉගිල්ලුනා.
මම හිමින් හිමින් ගෙට්ටුව් ගාවට ගෑටුවා. හිතේ ලොකු කලබල ගතියක් තිබුනා, ඒක බයක්ද කියන්න හරියටම දන්නේ නෑ.
"යෙබුස්සෝ, කවුද මේ"
මම ගැස්සිලා ගියේ මගේ කන ලගින් ගේට්ටුව අයිනේ තිබුනු එකෙන් ඇහුනු සද්දෙනුයි.
"ආහ්.....මම මේ පත්තරේ දාලා තිබ්බ......."
"දොරුවා"
මම ආපු කාරනාව කියන්න කලින්ම මයික් එක ඕෆ් වෙනවත් එක්කම අර මහා විසාල ගේට්ටුව ඇරුනා.
කෙටි අඩි තිය තිය මම ඇතුලට ගියා.
'මේක ගෙදරක්ද එහෙමත් නැත්තන් මන්දිරියක්ද'
මන් මගෙන්ම ඇහුවා.
ගොල්ෆ් පිට්ටනියක් වගේ ලොකුම ලොකු වත්තේ එක පැත්තක තිබුනේ පුන්චි දිය ඇල්ලකින් පෝශනය වෙන පොකුනක්.
මුලු වත්තම මල් වලින් ලස්සන කරලා තිබුනත් එතන තිබුනේ තනිකරම සරලකමක්. තිබුනු විශේෂත්වේ උනේ කිසිම තද පාටක් නොතිබ්බ එකයි.
ලා රෝස, ලා කහ, ලා දම්
හැමදේම ලා.....
ඒ වත්ත මැද්දට වෙන්න තිබුන මන්දිරය.
ඒක කොච්චර ලොකු උනත් ඒක හැඩවෙලා තිබුනු ලා පාට නිසා එයාලා මේ තැනට එකතු කරන්න බලාපොරොත්තු උන සරලකම ඕනවටත් වඩා පෙනුනද කියලා මට ප්රශ්නයක් ආවා.
ඒත් ඒ සරලකම පිටිපස්සේ තිබුනේ එතනට ගැලපෙන පුන්චි ගාම්භීර බවක් නෙවෙයිද කියලා මට පස්සෙත් හිතුනා. .