V_Q_u_e_e_n ගෙන්මම ඔයාලට රයිටින් ටිප්ස් කියලා දෙන්න සුදුසුද කියලනම් මම දන්නෙ නැහැ, මට ඒ ගැනනම් කිසි දෙයක් කියන්න බෑ. ඒත් මම පාවිච්චි කරන පුංචි පුංචි ටිප්ස් තියෙනවා බලමුකො ඔයාලට වැදගත් වෙයිද කියලා...
01. පරිසර වර්ණනා
මම සාමාන්‍යයෙන් ලියද්දි පරිසර වර්ණනා ගැන කතා කරන්න ආසයි, සිංහල රසාස්වාදයෙදිත් පරිසර වර්ණනාවට ලොකු තැනක් හිමිවෙනවනේ. අනිත් එක රීඩර් කෙනෙකුට කතාව කියවද්දි කතාව ඇතුළෙ ජීවත් වෙන්න පුළුවන් එක ක්‍රමයක් තමයි ඒක. පරිසරය විස්තරාත්මකව දක්වද්දි කියවන කෙනාට ඒක හොඳට ෆීල් වෙනවා කියලා හිතෙනවා. නිකන්ම වචන වලින් දමා ගහනවට වඩා එහෙම තමයි හොඳ...
උදාහරණයක් විදියට ,
" ටිකකින් වැස්ස පටන් ගත්තා, මම සේරම දමලා ගහලා ඉක්මනට දුවගෙන ගිහින් නොතෙමෙන තැනකින් හිටගත්තා. මගෙ මුළු ඇඟම තෙත් වෙලා.. "
මේක මෙහෙම කියනවට වඩා පහල විදියට කිව්වොත් හොඳයි කියලයි මට හිතෙන්නේ...
" අහසෙ තිබ්බෙ පුදුමාකාර අඳුරු බවක්, අළුපාට වළාකුළු අතරින් පතර ළා අළුපාට වළාකුළු තියෙන හැටි දිහා මම සුසුමක් හෙළලා ඔළුව උස්සලා බැලුවා... අහසෙ තිබ්බ අඳුරට වඩා අඳුරක් අවට පරිසරයෙ තිබ්බ හැටි මට නොපෙනුන තරම්...අඩි ඉක්මන් කරලා මම යන්න කියල හැදුවත් අහසෙ රිදී රේඛා වගේ චූටි ලස්සන අකුණු කොටන්න ගත්තාම මට තේරුනා මම පරක්කු වැඩියි කියලා...
මුල්ම වැහි බින්දුව මගේ කම්මුලට වැටෙද්දි මගේ ඇඟ පිසගෙන හමාගෙන ගියේ සිහින් සුළඟක්...ඒ සුළඟට මගේ කොණ්ඩෙ අවුල් වෙද්දි මම අතින් කොණ්ඩෙ හදාගන්න ගමන් ආයෙමත් අහස දිහා බැලුවා. එක වැහි බින්දුවක්, දෙකක්, තුනක්...ඊලඟට ගණන් කරගන්නවත් බැරි ලොකු වැහිබින්ඳු දාස් ගාණක් පොළොව සිපගන්න පටන් ගත්තෙ තත්පර කාලක් ඇතුලත. මම දෑතින්ම ඇඟ වහගෙන හිසට හෙවණක් ලැබෙන තැනක් හොයාගෙන දිව්වා...මිනිස්සු කොහොමත් කැමති තව කෙනෙක්ගෙ හෙවණෙ ඉන්නනෙ... "
YOU ARE READING
writing tips from famous wattpad authors
Random(sinhala) ප්‍රසිද්ධ wattpad authors ලාගෙන් writing tips