ට්‍රීඊඊඊඊඊඊඊන්
බෙල් එක වැදෙන සද්දෙට මෙච්චර වෙලා බෝර්ඩ් එක දිහාට තිබ්බ මගේ ඇස් ඉබේම හැරුනේ පන්ති කාමරේ සතුටින් සැනසුම් සුසුම් පිට කරපු ලමයි ගාවටයි.
"හරි ලමයි එහෙනම් අදට පන්තිය ඉවරයි."
ඒ ඇස් හැමඑකක්ම සතුටින් දිලිසුනා.
"මතක් කරලා දුන්නු ගෙදර වැඩ ටික කරගෙන එන්න"
ඒක කියන්වත් එක්කම මෙච්චර වෙලා මල් වගේ තිබ්බ මූනු ටික මැලවිලා ගියපු විදිහට මට හිනාවක් ගියේ නිරායාසයෙන්මයි.
'අනේ අනේ මේ ලමයිනම්'
මම ඉක්මනින් බඩු ටිකත් එකලාසයක් කරගෙන පන්තියෙන් එලියට ආවා.
මම මගේ සුපුරුදු සන්සුන් ගමනින් ගිහින් මගේ මේසෙන් වාඩි උනේ මේ අද තිබ්බ අන්තිම පීරියඩ් එක නේද කියල හිත ඇතුලෙන් ඇත්තටම නිදහසක් දැනෙද්දියි.
"Like an echo in the forest....."
ඒ එක්කම වගේ මගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා.
📲 엄마 (ඔම්මා)
ඇයි ඔම්මා මේ වෙලාවේ,
"ඔම්මා"
"නිම්මු"
"මොකද මේ හදිස්සියේ, ප්‍රශ්නයක් නෑනේ"
"අනී එහෙම දෙයක් නෑ. මට මතක් උනා"
ඔම්මට මාව.... එයාට මාව මතක් වෙනවානම් ඇති ඒත් ඒක කියපු පලවෙනි වතාව.
මගෙන් ලැබුනු නිහඩ පිලිතුරු නිසා එයාම ආයේ කතාව පටන් ගත්තා.
"ඉතින් ඔයාගේ වැඩ ඉවරද"
"දේ ඔම්මා තව ටිකකින් ගෙදර යනවා"
"හ්ම්"
"කෝ අප්පා"
"ආ අර සාලෙට වෙලා ඔහේ බලාගත්ත අත බලන් ඉන්නේ"
"අනේ ඒ මොකද"
"කවුද දන්නේ"
"නිම්මු"
"ඕ ඔම්මා"
"ඔයා දන්නවනේ මටවත් ඔයාගේ අප්පටවත් ලමයින්ගේ දියුනුව මිසක් කිසි දෙයක් වටින්නේ නෑ."
'මේ මොකද මේ එක පාරට අමුතු මාතෘකාවක්'
එහෙම අහන්න ඕන උනත් මම වෙන උත්තරයක් දුන්නා.