10

409 68 20
                                    

LalolaLILY ගෙන්

LalolaLILY ගෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Lalolalily

මුලින්ම මේ අවස්ථාව මට දුන්නට මම ස්තූති කරනවා..

මම writing  වලදි යොදාගන්න tips එහෙම ලොකු ප්‍රමානයක් ඇත්තටම නෑ.. ඒත් මම සමහර වෙලාවට use කරන tips කිහිපයක් තියෙනවා..

මුලින්ම කිව්වොත් මම හැම කතාවක්ම ලියන්නේ මාව තෘප්තිමත් වෙන විදියට.. ඒ කියන්නේ මගේ හැම කතාවෙන්ම මුලින්ම තෘප්තිමත් වෙන්න ඕනි මම කියලා මම විශ්වාස කරනවා.. තමන්ව තෘප්තිමත් කරගන්න බැරි විදියේ writing  එකකින් වෙන කෙනෙක් තෘප්තිමත් වෙයි කියලා මම විශ්වාස කරන්නේ නෑ.. ඒ නිසා මම හැම තිස්සෙම වචන බාවිතා කරන්නේ මාව තෘප්තිමත් වෙන විදියට..

දෙවෙනි එක තමයි , writing  එකක් තුලින් අපිට සිදුවීම් වගේම හැගීම් කියන දෙක එලිදක්වන්න පුලුවන් .. එතනින් මම ගොඩක් කැමතී සිදුවීම් වලට වඩා ඒ සිදුවීම් නිසා චරිතය තුල ඇති වන හැගීම් වචන කරන්න .. මම විශ්වාස කරනවා ඒක ඇත්තටම රීඩර් කෙනෙක්ව ඉක්මනින්ම ආකර්ශනය කරගන්න උදව් වෙනවා කියලා..

ඒ වගේමයි මම writing  එකකදි  හැම තිස්සෙම උත්සාහ කරනවා කියවන කෙනාගේ මනසේ කතාව ගැන චිත්තරූප මවන්න.. ඒක ගොඩක් වෙලාවට අපිට කෙනෙක් ඇදන් ඉන්න ඇදුමේ පාට , එයාගේ ශරීර ලක්ෂන වගේ දේවල් සදහන් කරලා හරිම සරල විදියට කරන්න පුලුවන්..

උදාහරණයක් විදියට ගත්තොත් කෙනෙක්ට ලියන්න පුලුවන් " ජංකුක් මෝටරථය තුල සිටි කාන්තාව සමග කතා කලේය"  කියලා.. එතකොට තව විදියකට  ඒ වාක්‍යම අපිට ලියන්න පුලුවන් " ජංකුක්  මෝටරථය තුල සිටි කලු පැහැති කෙටි  කෙස් කලබක්  සහිත වූ  තද දුබුරු පැහැති විශාල දෑස් යුගලක්ද සමගම ලා රෝස පැහයට හුරු වූ තොල් ආලේපන බාවිතා කොට සිටි රූමත් තරුනියක් සමග කතා කරමින් සිටියේය " කියලා..

මේ වාක්‍ය දෙකෙන්ම කියවෙන්නේ එකම අදහස .. ඒ වුනත් එක වාක්‍යක් අනිත් වාක්‍යට වඩා වැඩියෙන් අපේ හිතේ චිත්ත රූප මවනවා.. ඒ කියන්නේ ඒ සිදුවීම අපේ හිත ඇතුලේ මවනවා.. මම හිතනවා ඒක සාර්ථක  tip එකක් කියලා රීඩර්ස්ලගේ අවදානය ගන්න..

ඒ වගේම තව දෙයක් තමයි strong  plot එකක් අපේ ඔලුව ඇතුලේ වැඩ කරනවා නම් අපිට කතාව ලියන්න ලේසියි.. මම නම් සාමාන්‍යයෙන් කතාවක් ලියන්න පටන් ගන්නේ  කතාවේ මුල මැද , අග වගේම ඒක ඇතුලට ඇතුලත් කරන්න ඕනි විශේෂ සිදුවීම් සියල්ලක්ම වගේ ඔලුව ඇතුලේ පිලිවෙලකට හදාගෙන.. සමහර සිදුවීම් වචන කරන්න ටිකක් ලොකු අපහසුතාවයක් දැනුනොත් ඒවා ටිකක් විතර වෙනස් කරන අවස්තා නැතුවම නෙමෙයි.. එත් පුලුවන් උපරිමේටම ඒ අවස්තා සියල්ලක්ම කතාවට ගොනු කරන්න මම උත්සාහ කරනවා..

තවත් මම නිතරම යොදා ගන්න දෙයක් තමයි හොද ආරම්බයක් ගන්න එක.. chapter  එකක් අලුතෙන් පටන් ගන්නකොට ඒකට හොද ආරම්බයක් තිබුනොත් ඇත්තටම එතනින් එහාට chapter  එක ගොඩ නගාගන්න ඒක ලොකු උදව්වක් වෙනවා..ඒක නිසා වැල යන පැත්තට මැස්ස ගහනවා කියලා හිතාගෙන ලියන්නේ නැතුව , අද   chapter  එකට අතුලත් කරන්න ඕනි මොනවද , එවා  එක දිගට ගලාගෙන යන විදියට ගොඩනගන්න පුලුවන් වෙන්න හොද ආරම්භයක් ගන්නේ කොහොමද කියලා හිතනවානම් කෙනෙක්ට කතාව ගොඩනගා ගන්න ගොඩක්ම පහසු වෙයි..

ඒ වගේම කුතුහලයත් සමගම chapter  එකක් අවසන් කරන්න පුලුවන් නම් ඒකත් ගොඩක් හොද tip එකක් වෙයි..

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ writing  එකක් ලියන්න පටන් ගන්න කොට ඒක ලියන්න අනිවාරෙන්ම අපේ හිතේ කැමැත්තක් තියෙන්නේ ඕනි.. ඒ කියන්නේ මම නම් සාමාන්‍යයෙන් කතාව ලියන්නේ ඒක ඇතුලේ ජීවත් වෙන ගමන්.. ඒ චරිත හැසිරෙන දිහා බලාගෙන ඉන්න ගමන්.. ඉතිං මට ඒකට mood එකක් නැතුව ඔලුව ඇතුලේ වෙන වෙන දෙවල් ගොඩක් පුරවගෙන ලියන්න පටන් ගන්න එක ඇත්තටම අපහසු දෙයක්..  ඒ නිසා හොද සැහැල්ලු මනසකින් කැමැත්තෙන් chapter  එකක් ලියන්න පටන් ගන්නකොට එක සාර්තකයි.. හැබැයි ඉතිං mood එක එනකන් බලාගෙන ඉදලම updates පරක්කු වෙන වෙලාවලුත් නැතුවම නෙවෙයි..

ස්තූතී...

writing tips from famous wattpad authorsWhere stories live. Discover now