ෆෝන් එක මේසේ උඩින් තිබ්බේ තවත් ඒ දිහා බලන් ඉදලා තේරුම්ක් නැති නිසයි.
"අන්‍යෝන්"
"මම හිතන විදිහට මේ ඉන්නේ නිම්යෝන්ග්"
මම වාඩි වෙලා හිටිය සෝෆා එකේ තනි සෝෆා එකේ වාඩි වෙන ගමන් හිටියේ කඩවසම් පිරිමි කෙනෙක්.
අලු පාට ෆුල් සූට් එකට එයාගේ හැඩි දැඩි ඇග තවත් ඉස්මතු වුනා.
"සමාවෙන්න උන ප්‍රමාදේ ගැන, ගොඩක් වෙලා බලාගෙන ඉන්න සිද්ද උනේ නෑ නේද"
"අනී...ඒකට කමක් නෑ. මම ඇවිල්ලා දැන් විනාඩි දහයක් විතර"
මට මේ කවුද කියලා නොදැන උනත් කතාබහේ වෙනසක් නොපෙන්වන්න එච්චරම ලොකු වෙහෙසක් දරන්න ඕන උනේ නෑ.
"මම කිම් යූජුන්"
"හමුවීම සතුටක්"
"අපි කෙලින්ම කාරනාවට එමු."
"දේ..."
මමත් හරි බරි ගැහිලා සෝෆාවේ වාඩි උනා.
" ඒරම් කියන්නේ ගොඩක් දක්ශ ලමයෙක්"
.
.
.
.
.
.
.
.
."එහෙනම් එයා දැන් තව ටිකකින් එයි"
"දවස වෙලාව ඔයා එයා එක්කම කතා කරගන්නකෝ"
"මම එතකන් ඩිනර් රෙඩි කරන්න කියන්නම්"
මම හිනාවකින් සන්ග්‍රහා කලේ එයා එතනින් නැගිටලා යනකොටයි.
"ආ ඔයා දැන් මෙතනමනේ හිටියේ කැමතිනම් ගාඩ්න් එකට යමු"
"කරදර වෙන්න එපා, මම යන්නම්"
"අහ් දේ"
යූජුන්ශී එතනින් ගිහින් වැඩි වෙලාවක් ගත උනත් කවුරුවත් ආවේ නෑ.
සෝෆා එකෙන් නැගිටපු මම හිමින් හිමින් අඩි තිය තිය එලියට ගියේ මගේ අඩි සද්දේ මෙහේ නිශ්ශබ්දතාවෙට බාදාවක් වෙයි කියලා හිතලයි.
දොරත් ඇරන් එලියට ආපු මට දැනුනේ කියාගන්න බැරි සැහැල්ලුවක්.
හේතුවක් ඇතුව හෝ නැතුව මට ඒ ගේ ඇතුලේ දැනුනේ මහ මූසල බවක්.
ඒ ගෙ ඇතුලේ හරියට අවුරුදු ගානකින් කවුරුත් සද්දෙට කතා කරලා නෑ වගේ.