29 TH PART

342 69 56
                                    

💁 - "සර් සර් ටේහ්‍යුන්ග් සර් සර්ව හෙව්වා "

🐥 - "ඒ ඇයි ඒ.."

💁 - "දන්නේ නෑ සර් ඒත් මන් හිතන්නේ project room එකේ මොකක් හරි කලබලයක්..
සර්ව දැක්කොත් ඉක්මනට එන්න කියන්න කිව්වා.."

🐥 - "ආහ් හරි මන් යන්නම්.."




ජීමින් ඉක්මනටම project room එක දිහාට දුවන්න ගත්තේ මොකද්ද කලබලේ කියලා දැනගන්න..


Room එකේ දොර ඇරගෙන ගියපු ජීමින්ට දකින්නට ලැබුනේ එහාටයි මෙහාටයි කලබලෙන් දුව දුව එක එක වැඩ වල නිරත වෙන තමන්ගේ කණ්ඩායමේ අනික් සාමාජිකයන් ටික..




🐯 - "කොහෙද යකෝ මෙච්චර වෙලා ගිහින් හිටියේ?"

🐥 - "ම මන් මේ.."

🐯 - "ඒවා වැඩක් නෑ ඉක්මන් කරන්න ඔයා වැඩ කරන computer එකේ ඔක්කොම files backup කරන්න.. මොකෙක් හරි අපේ system එක hack කරන්න හදනවා.."

🐥 - "මොකක්.."

🐯 - "ඔව් බන් මොකෙක් උනත් වැඩ්ඩෙක්.. ඒත් ඒවා හදේ තමයි මේ ටේ ඉන්නකන්.."






එහෙම කියන ගමන් තමන් කර කර හිටපු වැඩේට ආයෙත් අවදානය දුන්නු  ටේ දිගින් දිගටම තමන්ගේ ඇඟිලි keyboard එක මත ගෙන ගියේ system ekata ඇතුල් වෙන්න හදන එකාට කිසිම බුරුලක් පෙන්නන්නේ නැතුව..

ජීමිනුත් තමන්ගේ seat එකේ වාඩි උනේ ඉක්මනටම ටේ කියපු විදියට වැඩ ටික ඉවර කරන්න..



🐯 - "ආශ් මූ වැඩේ අත අරින්නෙම නෑනේ. ලබ්බ.."



එහා පැත්තෙන් තමන් එක්ක කරට කර සටන් වදින නිර්නාමිල පුද්ගලයාට බැන බැන ටේ පුලුවන් උපරිමයෙන් මේ attack එකට මුහුනදුන්නා..

ජීමිනුත් වැඩේ කරලා නිකන් හිටියේ නෑ. ටේත් එක්ක වැඩේට සම්බන්ද උන එයා ටේට උදවු කරන්න ගත්තේ වෙන computer එකක ඉදන්..
.
.
.
.
.

🐯 - "ජීමිනා ඔයා මොකද්ද ඒ කලේ.. 😳"



ටික වෙලාවක් යද්දීම ටේ පුටුවෙන් නැගිටලා ඔලුව අල්ලන් කෑ ගහන්න ගත්තේ පුදුමය පිරුනු ඇසුත් ලොකු කරන්..




🐥 - "මන් ඒකට virus attack එකක් ගැහුවා.."

🐯 - "මෙහෙ එන්න මගේ කොල්ලා.."




Meaw's Endless Love (YoonMin)Where stories live. Discover now