🐱 - "ආශ් මේ හු&#&#න් ට මොන රෙද්දක්වත් හරියට කර ගන්න බෑනේ.. 💢"
නම්ජූන්ගෙන් call එක ආපු වෙලේම රතු කට්ට පැනපු සුගා අතේ තිබ්බ phone එක කුඩු වෙන්න පොලොවෙ ගැහුවේ ටේ ඒ උන දෙයින් ගැස්සිලා යද්දී..
🐯 - "මොකද්ද හ්‍යුන්ග් උනේ?"
🐱 - "අරුන් අර බල්ලව මගඇරගෙන"
🐯 - "ආහ් ශිට්...
අපරාදේ අපිට ඌව අතටම අල්ල ගන්න තිබ්බ chance එක ශික්."
කාබරේ එහාට මෙහෙට කලබලෙන් වගේම තරහවෙන් එහාට මෙහාට ඇවිද්ද සුගා එක පාරටම දෙයක් මතක් උනා වගේ කාඹරෙන් එලියට යන්න හැදුවේ..
🐯 - "හ්‍යුන්ග් කොහෙද යන්නේ? "
🐱 - "මන් යනවා අරුන් ඉන්න තැනට මොකක් හරි දෙයක් හොයාගන්න පුලුවන්ද බලන්න. උබ තව හොයපන්. ඌ ඉන්න තැන ගැන ආයේ තොරතුරක් ආවොත් මට කියපන්."
🐯 - "හරි හ්‍යුන්ග් "
ඒත් එක්කම room එකේ දොර දඩාං ගාලා ඇරගෙන එලියට ගියපු සුගා කේන්තියෙන් ආපු ආවේගෙන්ම ඇවිදින්න ගත්තේ දැන් පැනලා ගියපු එකා ඉස්සරහට ආවොත් එහෙම උගේ අත පය ගලවන්න තරම් හයියකින්..
ඒ යන වේගෙටම canteen එකට යන්න එලියට ආපු ජීමින්වවත් එයාගේ ඇස් වලට අහු උනේ නෑ..
ඒත් ජීමින් සුගා තමන් ඉස්සරහින් යද්දිම හිතට ආපු ගැස්මත් එක්කම ටක්ගාලා අනිත් පැත්ත හැරුනේ පැනලා යන්න උනත් සුගා තමන් ගාවින් ඊයක් වගේ ඇදිලා යද්දී ඒ දිහා බලන් හිටියේ ලොකු පුදුමෙකින්.
🐥 - "මෙයාට මේ මොකක් වෙලාද? මූන බලන්න බෑ නපුරු පාට. හොඳ වෙලාවට මාව දැක්කේ නැද්ද කොහෙද?"
එහෙම හිතන ගමන් වේගෙන් ඉස්සරහට යන සුගා දිහා බලන් හිටපු ජීමින් අනිත් පැත්ත හැරිලා වේගෙන් අඩි තියන ගමන් canteen එකට යන්න ගත්තේ ගැස්සුනු හදවතත් සන්සුන් කර ගන්න ගමන්.
ඇත්තටම එවෙලේ සුගාගේ මූන බලන්න බැරි තරම් කෝපයෙන් රවුද්‍ර වෙලා තිබ්බේ. ජීමින් ලාවට දැක්කේ ඒ මූන ඒක සම්පූර්ණයෙන්ම එහෙම දැක්කනම් ජීමින්ට එතනම කලන්තේ දාලා වැටෙනවා.
ESTÁS LEYENDO
Meaw's Endless Love (YoonMin)
FanficBoy × Boy story Read and enjoy guys... 🖤🖤🖤 Maybe there will be mature parts.. If you are not familiar with them don't read... Don't report if you can't read with open mind.. There are so many readers who love this stories so don't destroy their d...