පුතේ..
පුතා කොහෙද යන්නේ...
________ඔම්මා අදත් ඒ හීනෙද ? මං ඇහුවෙ night stand එක උඩ තිබ්බ වතුර වීදුරුව ඔම්මගෙ අතේ තියන ගමන්..
නේ..
එයා අදත් ආවා මාව බලන්න..
දැන් නිදාගන්න ඔම්මා අපි හෙට යන්කෝ ඒ දෙන්නව බලන්න..
මට දැම්ම යන්න ඕනේ..
ඔම්මා .. දැන් රෑ වෙලා .මේ රෑ අපි මොනවා කරන්නද ? දැන් නිදා ගන්න . කිව්වනේ හෙට එක්කන් යන්නම් කියලා .
එහෙම කිව්වාම නම් ඔම්මා අනිත් පැත්ත හැරිලා නිදා ගත්තා.. දැන් අවුරුදු 2 ක් තිස්සෙ ඔම්මගෙ මේ හැසිරීම දැන් මට හොදට පුරුදුයි .. Doctor කෙනෙක් ට පෙන්නුවත් එයා කිව්වෙ ඇති වෙච්ච කම්පනේට මෙහෙම හැසිරෙන එක සාමාන්‍ය දෙයක් කියලා ..
________ඔම්මා ඔයා ලෑස්තීද ?
නේ සෝහි..
එන්න එහෙනම් අපි යමු.. මං කිව්වෙ මේසෙ උඩ තිබුණ පොපි මල් පොකුරු දෙකත් අතට අරන්..එලියට යනකොටත් එලියෙ හිම වැටෙනව . වාහ්.. ඒත් මං අකමැතිම කාලෙයක්..මේ වැටෙන හිම ඒ අදුරු දවස් මට මතක් කරා..පළවෙනියටම හිම වැටෙන දවස් වල දෙන පොරොන්දුවක් අනිවාරෙන් ඉශ්ට වෙනවා කියලා ඒ කාලෙ ඔන්නිටයි මටයි කියලා දුන්නෙ අප්පා ..
ඒත් එයා අපිට දුන්නු ඒ පොරොන්දුව කැඩුවා.ඔව් ඒ වෙන දෙයක් නිසා නෙවෙයි දහස් ගණනකගෙ ජීවිත බේරන්න ගිහින්.. ඒත් අන්තිමට ලුතිනන් කර්නල් කෙනෙක් වෙච්ච මගෙ අප්පා අපිට දුන්නු ඒ පොරොන්දුව ඉෂ්ට කරා.
මාස 4 කට 5 කට සැරයක් ගෙදර ආපු එයා වෙනදටත් වඩා කලින් ඒ පාර ඔව් එයා ගෙදර ආවා..ඒත් ආවෙ නිකං සීල් තියපු පෙට්ටියකින්..අන්තිමට අපිට අප්පගෙ මූණවත් බලන්න බැරි වුණේ එයා නැති වෙලා තියෙන්නෙ බෝම්බෙකට අහු වෙලා නිසා..අපි ඒ කාලෙ ඉස්කෝලෙ ගියත් අප්පා ලුතිනන් කෙනෙක් නිසා අපිටත් ඉස්කෝලෙ එන්න එපා කියලා ගුරුවරු කිව්වෙ සමහරවිට අපි නිසා එයාලටත් ඒ අඩු වයසින්ම මේ පොලවෙ ඉඩක් වෙන් වෙයි කියලා තිබුන බය නිසා වෙන්න ඇති.ඇත්ත ඒ බය සාදාරණයි .අප්පගෙ රස්සාව නිසාම අපේ ඉස්කෝලෙ ගමනත් කඩින් කඩ නැවතුනා . ගිය දවස් වලට වඩා නොගිය දවස් ගාණ වැඩී මං හිතන්නේ..
අප්පා නැති වෙනකොට ඔන්නිට වයස 18 යි ..මට 14 යි ..පොඩි කාලෙ බෝනික්කො නලවන වයසෙ ඉන්න කාලෙ ඉදන් අපි දැක්කේ ගෙදර තියෙන අප්පගෙ පිස්ටල්ස්.. uniform එකේ ගහලා තිබුණ රත්තරන් පාට badge .. වෙන ළමයි උපාධි පිට උපාධි ගහන්න ඉගනගද්දි ඔන්නිට ඕනෙ වුණේ වෙඩි පිට වෙඩි තියන්න..අප්පගෙ රට බේරගන්න ඕනෙ කියන ඒ කැක්කුම අඩුවක් නැතුව එයාටත් පිහිටලා තිබුණා.
ඒක නිසාම තමයි එයා අපිටත් හොරෙන්ම ගිහින් army එකට බැදිලා තිබුනේ..army එකට බදවා ගත්තා කියන letter එක ගෙදරට එනකොට තමයි අපි දන්නේ මෙයා එහෙම කරලයි කියලා .
අප්පා වගේම කාත් කවුරුවත් නැති තැනක අප්පට අත් වෙච්ච ඒ ඉරණම ඔන්නිටත් අත් වෙයි කියලා ඔම්මට තිබුණ බය වෙන්න ඇති එදා කම්මුල් පාරක් විදිහට ඔන්නිගෙ කම්මුලේ නැවතුනේ .
YOU ARE READING
BP [ COMPLETED ]
Short Storyමේ පොලවට වැටිච්ච රත් වෙච්ච ලේ එයාලගෙ සීතල නැති කරාවි.. Broken angle 💔