Chapter 01 🍂
-------------------------
Linda's POV
-------------------------මගේ නම හ්වංග් ලින්ඩා.
ඇමරිකන් කොරියන් මිශ්‍ර සම්භවයක් තියෙන තරුණ ගැහැණු ළමයෙක්. මගේ අප්පා හ්වංග් දෝජුන්. මගේ ඔම්මා ෆෙලිසිටි රමෝන්.
එතකොට මන් ජීවත් වෙන්නේ කොරියාවේ සෝල් නගරයේ. දැන් වයස අවුරුදු 29යි.
බිස්නස් කියන්නේ මගේ මුළු ජීවිතේම වෙලා දැන්.
ඒ නිසා මන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගොඩාක් කාර්යබහුල පුද්ගලයෙක්.
මට ඕනේ නම් නිදහසේ ඉන්න තිබුණා.
ඒත් මට බෑ...
තනියම රිලැක්ස් එකේ ඉද්දී මගේ ඔලුවෙ තියෙන බර මට දරාගන්න බෑ. ඉතින් හොඳම දේ කම්පණි එකේ වැඩත් එක්ක පුළුවන් තරම් බිසී වෙන එක.
මේ වැඩත් එක්ක මට සාමාන්‍ය කෙනෙක් විදිහට ජීවිතය විඳින්න තියෙන කාලය ගොඩාක් අඩුයි.
අඩුයි කිව්වට නැතිම තරම්.
ඒ නිසා මට වැඩකට නැති දේවල් හිතන්න තරම් කාලය මදි... නැති දේවල් ගැන හිතලා වද වෙන්නවත්, තියෙන දේවල් ගැන හිත හිතා ඉන්නවත්, මේ කිසිම දෙයකට මගේ මනස වෙහෙසන්න තරම් කාලයක් ඉතුරු වෙන්නේ නැති නිසා මන් මේ කාර්යබහුල ජීවිතේට ගොඩාක් කැමතියි.
ඇයි මේ??...
ඇයි මට මෙහෙම වුණේ..
ඒකට හේතුව තාමත් මන් කල්පනා කරනවා.
දැන් වෙලාව හවස හතරයි...
මන් චෙක් කරමින් හිටිය ෆයිල් එක කෙලින්ම ලොකර් එක ඇතුලට දාලා නැගිට්ටෙ අද කලින්ම යන්න තියෙන නිසා.
පුටුවේ උඩින් දාලා තිබුණු කෝට් එකත් අරං ඇඳගෙන ඉක්මනට කාර් පාර්ක් එකට ගිහින් වාහනෙත් අරන් ඉක්මනටම මට යන්න ඕනේ වුණු ගමනාන්තය කරා වාහනය පැදෙව්වා.
යන ගමන් සුපුරුදු පරිදි ශොප් එකක් ළඟින් වාහනය නතර කරලා වාහනය පිරෙන්න ටොෆී චොක්ලට් පුරවපු බෑග් කිහිපයක් ද අරගෙන යන්න මන් අමතක කරේ නෑ.
ඒ තමයි මන් හිතන විදිහට මේ ලෝකේ මන් ආසාවෙන් යන එකම තැන.
අන්තිමේදි මන් වාහනය නැවැත්තුවේ ලොකු බිල්ඩින් එකක් ඉස්සරහින්.
YOU ARE READING
Don't Give a Damn Promise ✧GL || Completed
Romanceහැගීම්, ශක්තිමත් හිත් දුර්වල කරන්නෙ ක්ෂණයෙන්, බැදීම් කියන අකුරු තුනට අපි ඇබ්බැහි වෙන්න වෙන්න ඒකෙන් වෙන්නෙ අපේ හැගීම් අපිටම විරුද්ද වෙන එක නෙමෙයිද??... පොඩ්ඩක් හොඳට හිතන්න... මේ හැඟීම් ඉස්සරහ අසරණ වුණු එක්තරා ආදරවන්තියකගේ උරුමය. කුමක් ද ඇයගේ උරුමය?? ...