එක දවසක්

736 112 108
                                    


මකා විසිකර යුතුව තිබුණද...,
ලොබ කමින් ඉතිරි කරගත්...,
රිදෙන සනහන හඬවන...,
ආදරණීයම මතක...,
නැවත මතුවන්නට වූ කල...,
නොදනිමි හරි මගක් මා...,
නුපුරුදු අඳුර අතහැර...
පෙර සේම සිනාසෙන්නට...

.

.

.

.

ඕහ් ෂිට් මේ බස් කාරයො නම් ! ඇඟටමනේ අප්පා මුං කපන්නේ. නමයයි හතලිස් තුන වෙන්න තියෙන්නේ තව විනාඩියයි තත්පර පහක් විතර තියෙයි. අප්පට තත්පර පහ ඉවරනේ. ඔන්නොහේ පැනපන් වැඩිම උනොත් පාරට සමතලා වෙයි.

ආහ්.. මං දිහස්‍ය දේවංශ. නගරයේ ප්‍රධාන බාලක පාසලක දහතුන වසරේ ඉන්න පට්ට මීටරයක්. ඒ මාරක විභාගෙට තව මාස පහයි තියෙන්නේ.  එතකොට මගේ පවුල ගැන කියනවා නම්, මං සල්ලිකාර පවුලක දෙවනි පුතා. නමට විතරක් අයියෙක් කියලා එකෙක් ඉන්නවා. අවුරුද්දකට දෙපාරක් විතර ගෙදර මතක් වෙන.

එළිය පහලියකට වත් අඩියක් ගහන්නෙ නැතුව පොතකටම මූන අලවගෙන ඉන්න හුරු වුණ මම, අද මේ කල්ප කාලාන්තරයකින් එලියට බැස්සෙ, වාඩිවෙලාම ඉඳලා පස්සෙ රිදෙන්න අරගෙන එහෙම නෙවෙයි.

කරන්න තියෙන වැඩ ගොඩයි, මට ඉතුරු වෙලා තියෙන කාලයයි එකට සමපාත වෙන්නෙම නෑ කියලා අම්මට දුන්න ලෙක්චර් එකටත් පස්සෙත්, නමට විතරක් අයියා වුණ එයාගේ ලොකු පුතාගේ පුත්‍ර වර්ණනාව අහන් ඉන්නම බැරිම තැන පරාජය බාරගන්න වුණා.

සැක් බල්ලා! බලාගෙන යනවකෝ මනුස්සයෝ පාරෙ. රෙද්ද ! උන්  මනෝ ගහගෙන පාරෙ යද්දි පැත්තක ඉන්න අපි තමා උන්ගෙ සයිඩ් මිරර්ස් පිහදාන්න ඕන. CAB 2345 නේ හිටාම් තොට දෙන්න. තොගෙ ඇක්වා එක කවදහරි කාසියකින් හීරුවේ නැත්නම් මං දිහස්‍ය නෙවෙයි යකෝහ්!

ආහ් සොරි වෙන්නෝන. මේ වාහන කාරයෙක් වද්දගෙන ගියානේ. සැක් ! මූඩ් එකම කෑවා මූ. ඒක නෙවෙයි අපි කොයි හරියෙද හිටියේ ? ආහ්හ් ! හරි හරි මතක් වුණා.

අපේ කලුතර ලොකු අම්මගේ පොඩි දූට නාන්න හොඳනැති වෙලාලු ! මගුල. මං ගිහින් ඔය සක්කරවට්ටමව නාවන්නද ?

🍃 එක දවසක් 🍃Where stories live. Discover now