භාෂා කෞශල්‍යය වඩවා ගැනීමට නම් භාෂාවක් හැකිතාත් හැදෑරිය යුතුය. භාෂාවක් හැසිරවීමේ රටාව හදුනා ගැනීමෙහි පුලුල් දැනුම නිරන්තරයෙන්ම එවිට ඔබට ඉබේ පහල වේ. විවිධ භාෂා හැදෑරීමෙන් ඔබගේ බුද්ධි වර්ධනයටත්, මතක ශක්තිය නොඅඩුව ගොඩනැගේ.
ලියන බසෙහි වාක්‍ය අවසානයේ ම්නිදා සහ සම්නිදා යන වචන වලින් සමන්විතවන අතර යො/යේයො/ඉයේයො ආදි වශයෙන් කතා කරන බසින් එන වාක්‍ය අවසන් කරනු ලබයි. කතා කිරිමේදී නිපාත තදබල ලෙස නොසැලකේ. එනිසා කොරියන් බස කතා කරන්නට ඉතා පහසු බව මතකයට ගෙන ඉගෙනීම ආරම්භ කරන්න.
කොරියානු බසෙහි යමක් ලියා ඇති විට, එය අකුරින් අකුර කියවනවාට වඩා අකුරක අවසන් ව්‍යංජනය ඊලග ස්වරය හා එක්කර කියවීම සිරිතයි. මෙය කොරියානු බසට ආවේනික සුවිශේෂී තත්වයකි. ඔබට ස්ථීරවම මෙසේ වචන එක්කෝට නිවැරදිව කියාගත නොහැකි නම්, කිහිප වරක් වචනය කියවාගෙන යන්න. මෙසේ කිහිප වරක් කියවීමේදී ඔබටත් නොදැනීම වචනය නිවැරදිව කියවෙනු ඇත.
උදාහරණයක් ලෙස බලන්න "කම් ඉන්" යන්න කිහිප වරක් කියන විට එය "කමින්" යනුවෙන් ඔබට ඉබේම ටික වෙලාවකින් කියවෙනු ඇත. එයයි නිවැරදි උච්චාරණය වන්නේ. මුලින්ම අපි ස්වර අකුරු ඉගෙන ගමු. ස්වර මූලික හා සංයුක්ත ස්වර යනුවෙන් කොටස් දෙකකට බෙදේ. එනම්,
🍓මූලික ස්වර
아 - ආ
야 - යා
어 - ඔ
여 - යො
오 - ඕ
요 - යෝ
우 - උ
유 - යු
으 - අ
이 - ඉ
🍓සංයුක්ත ස්වර
애 - එ
에 - ඒ
예 - යේ
와 - වා
왜 - වෙ
외 - වි
워 - වො
웨 - වේ
위 - වී
의 - අඊ
YOU ARE READING
𝙻𝚎𝚊𝚛𝚗 𝓚𝓸𝓻𝓮𝓪𝓷 𝕀𝕟 𝕊𝕚𝕟𝕙𝕒𝕝𝕒... 🇰🇷
Fanfictionකොරියන් කියන්නෙ මට අනුව නම් මේ ලෝකේ තියෙන ලස්සන ම භාෂා වලින් එකක්...අවුරුදු 03 Self studies කරපු මම දැන් ක්ලාස්ත් යනවා...ඔයාලාට පුලුවන් තරම් උදව් කරන්න ට්‍රයි කරන්නම්... ඉතින් බබාලා ඔයාලට මේ නෝට් වල මොකක්හරි ප්‍රශ්නයක් අපහැදිලි තැනක් එහෙම වගේම මොකක්...