තිර රෙදි ඇරදමා තිබුනු ජනේලෙන් පෙනුනේ එක දිගට කඩන් වැටෙන හිම පියලි මිසක් අන් කිසිවක් නෙවෙයි.
කාමරය පිරී තිබුනේ කහපාට උනුසුම් එලියකිනුයි.
වාඩි වෙලා හිටපු ක්රීම් පැහැති ලී මේසෙ උඩ තිබුනු ඔරලෝසුවෙන් ඇහෙන ශබ්දෙට අමතර ඇහුනේ ඒරම්ගේ ලියන අත පිටුවල ඇතිල්ලෙන සියුම් හඩ විතරමයි.
ඒරම්ට මම ලියන්න දුන්නු නෝට් එක ලියන්න විනාඩි පහකට වඩාගතවෙන්න ඇති.
කහපාට හයිලයිට් එකකයින් ඒකේ වැදගත් තැන් මාර්ක් කරපු එයා ඒක වහලා මේසේ උඩින් තිබ්බේ සුසුමක් හෙලන ගමනුයි.
ඒ එක්කම වගේ ඇහුනේ මේසේ උඩ මිනි රැක් එකේ තිබුනු ඒරම්ගේ මොබයිල් ඒක වයිබ්රේට් වෙන සද්දෙයි.
"ආහ් ඉස්කෝලෙන්, ඔයා කතා කරන්න"
ෆෝන් එකේ ස්ක්රීන් එක පෙනුනු මම එහෙම කිව්වේ ඒරම එයාගේ මොබයිල් එකට අවධානේ දීමත් අපරාදයක් වගේ මන් දිහා බලන් හිටපු නිසයි.
"අනී ගෙන්චානා"
"ඒත් මොකක් හරි හදිස්සියක්ද දන්නේ නෑනේ"
"ඕකේ"
මූනත් ඇබුල් කරගත්ත ඒරම් පුලුවන් තරම් අත දික්කරලා මේසේ කෙලවරේ තිබුනු මොබයිල් එක ගන්න සාර්ථක උත්සහයක යෙදුනා යෙදුනේ කම්මැලිකමටද අකමැත්තටද කියන්න ඇත්තටම මට තේරුනේ නෑ.
"යෙබුස්සෝ"
"ආහ් ග්යෝජන්ග් සසෝන්ග්නිම්"*
"ඔව් කියන්න"
"මියානේ මෙහෙම කියනවට, මම හිතන්නේ මේ දේවල් ඔයා අප්පා එක්කම කතාකරගත්තනම් ලේසිවෙයි. චෙබෙල් මාව මේ දේවල් වලට මැදිහත් කරගන්න එපා."
"චේසෝම්නිදා"
ෆෝන් එක තියපු ඒරම්ගේ මූනේ තිබුනේනම් ප්රසන පෙනුමක් නෙවෙයි.
ටිකවෙලාවක් ඒ විදිහටම හිටපු ඒරම් අවසානේදි ඒ පෙනුමෙන් මිදුනේ සමච්චල් හිනාවක් කට කොනේ රදවගෙන මගේ දිහාට හැරෙමිනුයි.
මාව දැක්ක ඒරම් ආයෙත් සාමාන්ය තත්වෙට ආවා.
"මියානේ සසොන්ග්නිම් මම වෙන සිහියක හිටියේ"