EPISODE 01

74 16 16
                                    

තනූ..
අයියෝ මැණික මොකද මේ ඇස් වල කදුලු පුරවගෙන.මං ඉතින් ගිහින් ආයෙ ඉක්මනට එනවනේ..මහ ලොකු කාලයක් නෙවෙයිනේ මැණික . අවුරුදු 2 ක් විතරනේ..අනික තනියට ඔය පුතත් ඉන්නේ..

මං එහෙම කිව්වෙ ඇස් දෙකේ කදුලු පුරවන් මං දිහා බලන් ඉන්න මගෙ wife  තනූට..මං wet කෙනෙක් .. අපිට පුහුණුවකට අවුරුදු 2 කට ඇමරිකාවට යන්න වෙලා.. මට තනූව දාලා යන්න බයක් නෑ. මොකද අපේ පුතා දැන් ලොකුයි..එයා මං වගේම ආදරෙන් තනූව බලා ගනී..

පුතා ..

ඕ තාත්තේ..

තාත්තා ගිහින් එන්නම් හාද . අම්මව පරිස්සමෙන් බලා ගන්න ඕනෙ ..

හරි තාත්තා.. මං අම්මව බලා ගන්නම්කෝ තාත්තටත් වඩා හොදට..

අනේ මගෙ පැහිච්ච කොල්ලා.. මං කිව්වෙ කොල්ලගෙ   කොණ්ඩෙත් අවුස්සන ගමන්.

තාත්තා පරිස්සමෙන් ගිහින් එන්නකෝ..

දනූ .. පරිස්සමෙන් ගිහින් එන්න..ඔයා එනකං මං බලන් ඉන්නවා..තනූ කිව්වෙ මගෙ පපුවට තුරුලු වෙන ගමන්..

අයියෝ ..අර කොල්ලවත් අඩන්නේ නෑ. මෙයා තමයි පොඩි එකා වගේ..හරි මැණික මං ඉක්මන්ට එනවනේ..එහෙම කියලා මං අන්තිම පාරට ඒ දෙන්නවම තුරුලු කර ගත්තේ මේ උණුහුම ආයෙ ලැබෙන්නේ තව අවුරුදු 2 කට පස්සෙ නේද කියලා හිතන ගමන්ම.

Ring..

අම්මේ කෝල් එකාක්..

පුතා phone එක  ගේන්නකෝ. මං කුස්සියෙ ඉදන්ම කෑ ගැහුවා.

ආ..අම්මේ..කියලා පුතා phone  එක මට දීලා කාමරේට ගියෙ පාඩම් කරන්න වෙන්න ඇති.. පුතා පොඩි කාලෙ ඉදන්ම ඉගන ගන්න දක්ෂයි.ඒක නිසා තමයි එයා ශිෂ්‍යත්වෙන් ලංකාවෙන්ම 5 වෙනියා වුණේ.. එයාට වැඩ කරන්න කියලා කියන්නෝනෙ නෑ.  එයා තනියම එයාගෙ වැඩ ටික කරගන්නවා.. ඒ නිසා ඉතින් මට පස්සෙන් පන්න පන්න වැඩ කරවන්නෝනෙ නෑ .. දැන් නම් ඉන්නෙ 11 . Boys school  එකකට යන නිසා ඉතින් ගෑණු ළමයි ගැන ප්‍රශ්නත් නෑ..
ඇත්තටම කොල්ලගෙන් මට වදෙයක් ඇත්තෙම නෑ..

Hello ..

Hello  තරුන්ලගෙ අම්මේ මං එයාලගෙ පන්තිභාර ටීචර් ..මිස් නෙහාරා..

You've reached the end of published parts.

⏰ Last updated: Dec 04, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

Drugs [ COMPLETED ]Where stories live. Discover now