Dear Diary

245 63 57
                                    

•|| Dear Diary ||•

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

•|| Dear Diary ||•

____

සීත කාලය අවසන් වීගෙන එනවාත් සමගම මේ ඇරබෙන්නේ මුලු ලෝකයටම අලුත් ආරම්භයක්..

පත්‍ර ගිලිහිලා ගිය ශාකවල අලුත් පත්‍ර හටගන්නේ ඒ ආරම්බයට සාක්ශියක් එකතු කරද්දි..

පරිසරයෙ තිබුනු සීතල කෙමෙන් කෙමෙන් නැතිවෙලා යද්දි හැමෝටම දැනෙන්න ගත්තේ ගතට සනීම උණුසුමක්..

සීතලට කැදලිවල ලැගුම් ගෙන ඉදපු සතා සිවුපාවෝ පවා දැන් පරිසරේ තැන් තැන් වල සැරිසන්නේ උන්ට අයිති උන්ගේ ලෝකය සොයාගෙන..

හැමදෙයක්ම නැවුම්..

ගහකොල , සතා සිවුපාවා විතරක් නෙවෙයි.. මිනිස්සුත් තමන්ගේ රාජකාරී පටන් අරන්..

අද සඳුදා දවසක්..

අලුත් සතියක ආරම්භයක්..

ලතාවකට සෙලවෙන ළපටි පත්‍ර අතරින් ඇවිත්, මගේ මූන සිපගත්තේ දින කිහිපයකටම අපිට නැතිවෙලා තිබුනු නුහුරු ඉර අව්ව.. මුලු පරිසරේ වගේම ඒ ඉර අව්වෙත් තිබුනේ නැවුම් බවක්..

හමාගෙන ආව සීත සුළගත් එක්ක වෙලාවකට ගස්වල කොල 'සරුසුරු' හඩක් නගද්දි නින්දකට වැටෙන්න සූදානම් වුනු මට ඒ ශබ්දය නැළවිලි ගීයක් වුනා..

එක අතකින් ඇහෙන කුරුල්ලන්ගේ කීචි බීචී නාදය, තව විදිහේ වෙනස්ම නැළවිලි කවියක් වුනා මට..

බංකුවක් උඩ වාඩිවෙලා ඉන්න මගේ ගත කොයිවෙලෙත් වැලදගන්න බලන්නේ උනුසුම් සුලං පහරවල්.. තහංචියක් නොදාම මාව වැලදගන්න සුලං පාරවල් වලට අවස්තාව මම දෙද්දි සුදු බංකුවේ හරහට මම දිගා වුනේ මහන්සි වුනු මගේ ඇස් වලට නිදහසක් දෙන්න..

Dear Diary : MYG [ COMPLETED ]Where stories live. Discover now