34 TH PART

394 73 81
                                    

👤 - "ඉක්මන් කරන්න."

🐱 - "ඔය troly එක මෙහාට ගනින් ඉක්මනට "

🐰 - "ජින් හ්‍යුන්ග් ජින් හ්‍යුන්ග්.."

🐰 - "ආශ් නම්ජූන් හ්‍යුන්ග් ජින් හ්‍යුන්ග්ව අල්ල ගන්න.."

🐰 - "ටේ ටේ ජීමින් තාම මැරිලා නෑ ගොනෙක් වගේ අඩන්න එපා මෙතනින් ඉඳගන්න.."

🐰 - "ආශ් මුන් ඔක්කොම බබාලා වගේනේ.."



නම්ජූන් ඇති කරපු බලාපොරොත්තුවත් එක්කම ඉක්මනින් ක්‍රියාත්මක උනු සුගා ජීමින්ව තමන්ගේ අත් දෙකෙන්ම උස්සගෙන වාහනේට දිව්වේ ගෙවෙන තත්පරයක් පාසා ජීමින්ගේ ජීවිතේ බේරගන්න තියෙන ඉඩ අඩු වෙන බව දැන දැනමයි..

Car එකේ පිටිපස්ස seat එකට නැග්ග සුගා ජීමින්ව එක මොහොතක්වත් තමන්ගේ තුරුලෙන් ඈත් කලේ නෑ..

RM වාහනය ගනිද්දී.. එතන වැඩ ටික bodyguardලට පැවරුව ජන්කුක් වාහනේ ඉස්සරහ seat එකට ගොඩවෙද්දිම RM වේගයෙන් වාහනය අරන් ගියේ හැමෝගෙම හිතේ තියෙන පුංචි බලාපොරොත්තුව පන ගන්නමින්.



ජීමින් ඇස් අරින්න.. බබා..



Hospital එක ගාවට එනකනුත් කිසිම හැල හොල්මනක් නොතිබ්බ ජීමින්ගේ ශරීරය පරිස්සමින් තුරුල් කර ගනිමින් හැම වෙලේම සුගා ජීමින්ට කතා කලේ නොඉවසිලිවන්තව. ඒ වැහිලා තියෙන ජිල්බෝල ඇස් සුගාට ගෙනාවේ පාලු කනත්තක හැඟීමක්.. තමන් ඉදිරියට ආවහම හැම වෙලේම පැනලා දුවන්න හදන ඒ ලැජ්ජකාරයගේ රෝස පාට වෙන කම්බුල් වල අද දකින්න ලැබුනේ ගුප්ත රත් පැහැයක්.. ඒ ලස්සන පිරුනු තොල් අගින් පැලිලා ගලාගෙන ගිය ලේ පාර එහෙම්මම වේලිලා තිබ්බත් ඒකත් ඒ අසරණයගේ මූනට එකතු කරලා තිබ්බේ මරණීය පෙනුමක්..

ඒ ශරීරය කොච්චරනම් වේදනාවක් උහුලන්න ඇද්ද??  සුගාගේ දත්මිටි කැවුනා..






ඔයාට මේ කරපු දේට මන් එකෙක්වත් යහතින් ඉතුරු කරන්නේ නෑ මගේ මැනික.. එකෙක් නෑර ඔයා විදවපු විදියටම විදවයි..








Hospital එකට එන අතරමග ටේට call එකක් ගත්ත ජන්කුක් දැන් situation එක පැහැදිලි නොකර ජින් එක්ක ඉක්මනටම hospital එකට එන්න කිව්වේ ටේ වගේම ජින්වත් කලුවර පාරක අතරමං කරලා වගේ හැඟීමක තනි වෙද්දී..

Meaw's Endless Love (YoonMin)Where stories live. Discover now