10 years later
අද ජන්කුක්ගෙ තිස් පස් වෙනි උපන්දිනේ වගේම අපි දෙන්නා එකට ජීවත් වෙන්න අරං අවුරුදු දහයක්. නෑ අපි marry කලේ නෑ. ඒ වගේම ජන්කුක් මට ආදරේ කලෙත් නෑ...
ජන්කුක් මට ආදරේ කලා ඒත් එයා කිව්වෙ මට ආදරේ කලේ නෑ කියලා. ඒත් මං දන්නවා එයා මට ආදරෙයි කියලා. එයා දවසක් ජින් හියුන්ග්ට කියලා තිබ්බා එයා නිසා මගෙ ජීවිතේ විනාස කර ගන්න ඕනි නෑ කියලා...
දැනට අවුරුදු දෙකකට කලින් හොයා ගත්තෙ ජන්කුක්ට ලියුකේමියා කියලා. ඉතින් ජන්කුක්ට තව ටික කාලයයි. මිනිහෙකුට මෙච්චර කරදර සිද්ධ වෙන්න පුලුවන්ද?
"ජිමින් මං නැති වුනහම ඔයා ලස්සන ගෑනු ළමයෙක්ව marry කරන්න. ඔයාලගෙ බබාට ජිකුක් කියලා නම දාන්න පුලුවන් නේද? පාර්ක් ජීකුක්."
ජන්කුක් හරිම අහිංසක විදිහට කියනකොට මං ඇඩුවා. ඇයි ජන්කුක් ඔයා ඔච්චර අහිංසක?
"ජිම් ඔයා කැමති නැත්නම් කමක් නෑ. කොහොමත් මං වගේ අවාසනාවන්තයෙක්ගෙ නමේ කෑල්ලක් ඕනි නෑ තමා"
ඇස්වල කදුලු එක්කම හිනා වෙලා වගේ ජන්කුක් කියන කොට මං ජන්කුක්ගෙ තොල් මගෙ තොල් වලින් අල්ල ගත්තා...ඒක තමා මං එයාට ආදරේ කරපු දවසෙ ඉදන් දුන්න පලවෙනි කිස් එක වගේම එච්චරටම ළං වුන පලවෙනි පාර...
ජන්කුක් රතු වෙලා. කන්න හිතෙනවා...එදා රෑ මං බැල්කනි එකේම එයාවත් බදාගෙන නිදා ගත්තා. එයා රස්නෙයි...
ඒත් උදේ නැගිටිනකොට රෑ දැනුනු උණුසුම තිබ්බෙ නෑ... මගෙ අත් අතරෙ තිබ්බෙ සීතල දෙයක්. ඔව් මගෙ ජන්කුක් මාව දාලා ගිහින්. මං කෑ ගගහ ඇඩුවා. ඇත්තටම ඇයි ජන්කුක් ඔයා ගියේ...මට ඔයා නැතුව ඉන්න බෑ. ඔයා හිතුවද මං ඔයා නැති වුනහම කෙල්ලෙක් marry කරයි කියලා...
YOU ARE READING
𝚃𝙷𝙰𝚃'𝚂 𝙾𝚄𝚁 𝚂𝚃𝙾𝚁𝚈~[𝙹𝙸𝙺𝙾𝙾𝙺]✓
Fanfic"හැමෝම හොයන්නෙ කිසිම අඩු පාඩුවක් නැති මිනිස්සුන්ව මිසක් අඩු පාඩු තියෙන මිනිස්සුන්ව නෙවෙයිනෙ." ~𝙹𝙹𝙺 𝙲𝙷𝙰𝙿𝚃𝙴𝚁𝚂 - 7 𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳 - ✓ 𝙹𝙸𝙺𝙾𝙾𝙺~♡ [only Fan Fiction]✓