දැන් දැන් හිමදියවෙන්න පටන් අරගෙන තිබුනේ වසන්තකාලේ පුන්චි පුන්චි වෙනස්කම් පෙන්නුම් කරනවත් එක්කමයි.
ජනේලේ අයිනේ තිබුනු පුන්චි කහ පාට ඩේසි මලක් දැක්ක මගේ මනසට පුන්චි ඒරම්ව ආවේ නිරායාසයෙනි.
උනුසුම් දුම් දාන කෝෆි කෝප්පෙත් අතේ තියාගෙන ජනේලෙන් ඈත් උන මගේ ප්රතිබිම්බය ඉස්සරහා තිබුනු කන්නාඩියෙන් පෙනෙනකොටයි මම දැක්කේ මගේ මූන පුන්චි හිනාවකින් හැඩ වෙලා තියෙනවා.
එතකොටයි මට තේරුනේ ඒ පුන්චි කෙල්ලගේ පුන්චි මතකයකටත් මට හිනාවක් ගේන්න පුලුවන් වග.
මට එක පාරට පාලුවක් දැනුනා. අවුරුදු හතකට මට හිටපු ලමයි අතරින් එයාගේ විශේශයක් දැනුනා.
මොකක්ද එයාගේ වෙනස, එයා එක්ක ඉද්දි ඇයි මට හුරු පිරුදු බවක් දැනෙන්නේ.
මගේ අතේ තිබුනු කෝෆි කෝප්පේ පැත්තකින් තිබ්බ මම තව දුරටත් මගේ ප්රතිබිම්බයට අවධානය යොමු කරා.
තවදුරටත් මට එතනින් පෙනුනේ කඩන් වැටුනු ජීවිතේ ගොඩ දාගන්න අරගල කරන පුන්චි ගෑනු ලමයෙක් නෙවෙයි
මම වෙනස් වෙලා,
ගොඩක්
පිටින් වගේම ඇතුලාන්තෙයුනුත්
ඒත් ඒ ගැන මට සතුටුයි
මම දැක්කේ හැම අතින්ම පරිපූර්ණ ස්වාධීන කාන්තාවක්
"නිම්මූ"
කාමරේ දොරට තට්ටු කරන සද්දෙන් මගේ අවධානේ බිඳුනා.
ඒ එක්කම වගේ කාමරේට ආවේ ඔම්මා
"තාම කෝෆි එක බීලත් නෑ, මම උදේ කෑමත් ලෑස්ති කරා. කජා"
කෝෆි එක අතට ගත්තු මම ඔම්මගේ පස්සෙන් වැටුනා.
ඒරම් නිසා වින්ටර් වැකේශන් එකටත් මට ඔම්මලව බලන්න බැරි උන නිසා, මේ වැකේශන් එකේදි සති දෙකක් විතර මෙහේ නැවතුනේ ඔම්මා බල කරපු නිසාම නෙවෙයි.
දන්නවද අපි අපේ තරුන වයස පටන් ගන්නවත් එක්කම හැම වෙලාවෙම වගේ හෙව්වේ නිදහස,
කොටින්ම කියනවනම් හැම කෙනාටම ඕන වෙන්නේ ඉක්මනින් දෙමව්පියන්ගෙන් ඈත් වෙලා තනියම ඉන්න.