"අනේ මට නම් බෑ ආයේ කොහෙවත් යන්න... මට සීතලයි..." හ්යුන්ග් ජුන් සැටියෙ පෙරලිලා හොඳට ගුලිවුනා...
එළියේ ඉඳලා දුවගෙන ආව මින් එයාගේ ඇඟට වැටිලා තිබුන ඔක්කොම හිම ටික ජුන්ගේ ඇඟට ගසලා දැම්මා... ජුන් ඔරවාගෙන නැගිටින්න හදනකොටම යෝන්ග් සෙන්ග් ඉක්මනට ඇවිත් මින්ව පැත්තකට ඇදගෙන ගියේ තව රණ්ඩුවක් පටන් ගන්න ඔන්න මෙන්න කියලා පෙනුන නිසා...
"කෝ අපි අරන් ආව තෑගි ඔතන කොළ..?" හ්යුන් ජුන්ග් පෙට්ටි වගයකුත් අරගෙන ඇවිත් කාමරේ මැදින් තියලා බිමින් ඉඳගෙන අත් දෙකත් එහෙට මෙහෙට කරකවන ගමන් ඇහුවා...
"ඒ ටික ඔතන සැටිය උඩ..." ක්යු එහා කාමරේ ඉඳන් කෑගහලා කියනකොට ජුන් හිමින් සැරේ නිදාගෙන හිටිය තැනින් නැගිට්ටා... තැලිලා, පොඩි වෙලා තියෙන කොළ මිටිය දිහා බලලා හරිම අහිංසක විදිහට හිනා වුනා...
"යා... ඒක උඩද නිදාගෙන හිටියේ..?" හ්යුන් ජුන්ග් එහෙම අහනකොට ජුන් මොකුත් නොකියා කොළ ටික එයාගේ අතට දීලා එතන බිමින් ඉඳගත්තේ හොඳ ළමයා වගේ...
"මේක මට..." එතන තිබුන ලොකුම පෙට්ටිය ජුන් එයාට වෙන් කරගත්තේ හැමෝටම කලින්...
"නෑ... ඒක මට..." යොන්ග් සෙන්ග් එක්ක තව පාර්සල් වගයක් ලෑස්ති කර කර හිටිය මින් එක පරම ඇවිත් ජුන් අතේ තිබුන පෙට්ටිය ගත්තා...
"දැන් කවුද කිව්වේ ඕවා ඔයාල දෙන්නට දෙනවා කියලා..." හ්යුන් ජුන්ග් එහෙම කියලා ජුන් අතේ තිබුන පෙට්ටිය අරන් ලස්සනට කොලෙකින් එතුවා...
ඔහොම එක එක ඒවාට රණ්ඩු වෙවී කොහොම හරි රෑ වෙනකොට එයාලා හැමෝම වැඩ ටික ඉවර කරගත්තා...
"හ්යුන් ජුනී... ඔක්කොම ටික හරි නේද..?" යොන්ග් සෙන්ග් වෑන් එකේ දොර ළඟට වෙලා සීතල නිසා අත් දෙකත් එකට අතුල්ලන ගමන් ඇහුවා...
"ඔයා ගණන් කරලා බැලුවේ නැද්ද..?" හ්යුන් ජුන්ග් ක්යුගෙන් ඇහුවා...
"හරි හ්යුන්ග්... මම බලලා තමයි තිබ්බේ..."
"ක්යු ජොනා... දැන් කෝ යන තැන් ලියාගත්තු කොලේ..?"
"එක මගේ සාක්කුවේ.." එහෙම කිව්වේ මින්...
"ජන්ග් මිනී... කෝ මට දෙන්නකෝ බලන්න..." ජුන් ඇතුලෙන් තියන්න හදපු පෙට්ටියත් අතේ තියාගෙනම ඇවිත් මින් ගෙන් කොලේ ඉල්ලුවා...