08 -මිහිරි හැමදේම මිහිරිම ද ?

283 74 68
                                    

□■□■□■□■□■□■□■□■□■□■□■□■□■□
○●○●□■□  49 Pages with 49 Days  □■□●○●○
            ■□■□■□■□☆08☆□■□■□■□■

2017.05.01
10ᵗʰ Day
••••••••••••

අද අලුත් මාසයක්. මැයි මාසෙ. අපි මෙහෙට ඇවිත් එකොළොස්වෙනි දවස අද. මට නම් මගෙ හෙට දවස ගැන කිසිම විශ්වාසයක් තිබුණෙ නැහැ.

ඇයි මේ මිනිස්සු අපිව මෙහෙම හිරකරන් ඉන්නෙ ? ඇයි මේ මිනිස්සු අපිව මරන්නෙ ?
අපිට කිසි දෙයක් හිතාගන්න බැරි වුනා. හැබැයි මට දැනෙනවා දැන් මාව සාහසික වෙලා වගේ. මට මැරුණ අය දිහා බලන්න දැන් කිසිම ගාණක් නැහැ. ඇත්තම කිව්වොත් හිත යටින් ලොකු වෙදනාවක් තියනවා. ඒත් මම ඉස්සර වගේ නෙවෙයි කියල නම් මට තේරෙනවා.
ඒ නිසාම මම හිතුවා ඒක ගැන හොයන්නම ඕනෙ කියලා. ඒක මට කරගන්න පුලුවන් වෙයිද කියලා විශ්වාසයක් නැහැ.

අද කෑම මේසෙ අපි හැමෝම රෑ කෑම ගන්න ගමන් හිටියෙ. ඒ වෙලාවෙදි එතනට සීනියර්ස්ලා ආවා. එයාලා ආපු ගමන් සේවකයො කට්ටියක් ලොකු පෙට්ටි පහක් අරගෙන ආවා. අපිට පේළි පහක් හැදෙන්න කිව්වා. මේ පාර මම හිටියෙ අන්තිමට.

"උන්නි , මේ පාර මොකක් වෙන්න පුලුවන් ද ? මට නම් දැන් බයයි ගොඩක්."
ටේයොං (taeyong) නංගි මං ළඟට ඇවිත් හෙමින් කිව්වා.

" බය වෙලා බෑ. දැන් ඉතින් අපි අපායට ආපු නිසා අපිටත් අපායෙ විදියට ඉන්න වෙනවා. බලමුකො."

" ඔයා කවදාවත් ඔහොම කියලා නෑනෙ ? "

මං වෙනස් වෙලා කියලා මටත් තේරෙනවා. ඒත් මට කියන්න දෙයක් නැති නිසා මම කට කොනකින් හිනාවෙලා හිටියා.

අපි දෙන්නම හැරිලා බැලුවේ වතුර බොන්න තිබුණ තැනින් ආපු සද්දයක් නිසා.

" අනේ සමාවෙන්න. සමාවෙන්න."
මගේ හමේ පාටටම හුරු පොඩි කෙල්ලෙක් දෙකට තුනට නැවි නැවී සමාව ඉල්ලනවා තවත් ගෑණුළමයෙක්ගෙන් .
ඒ වෙලාවෙ තමයි මම දැක්කෙ මං වගේම තවත් දකුණු අසියාවෙ ළමයෙක් ඉඳලා කියලා.

අනිත් ගෑණු ළමයා එයාට කම්මුලට හයියෙන් ගැහුවා. පාර සැර වැඩි නිසා ඒ පොඩි කෙල්ල බිමට වැටුනා.
මටත් ඔය වගේ ඒවා වෙද්දි නිකන් බලන් ඉන්න බැරි නිසා මම ඒ දෙන්නගෙ මැද්දට ගියා.

■● « 49 Pages with 49 Days »●■Donde viven las historias. Descúbrelo ahora