අපේ ගේ ලඟ හරි ලස්සන මූදු වෙරළක් තියෙනවා .. මං හරි ආසයි එතෙන්ට ..මට දුකක් හරි සතුටක් හරි දැනුනම මං එතනට යනවා .. මං මගේ දුක සතුට එයාලත් එක්ක බෙදා ගන්නවා .. මට දුකක් දැනුනම වෙරළ කොනේ තියෙන බංකුවක වාඩි වෙලා මුහුදෙ සද්දේ අහන් ඉන්නවා .. නැත්තන් ඉමක් කොනක් පේන්නේ නැති ක්ෂිතිජය දිහා බලන් ඉන්නවා .. ඉතකොට හිතට හරිම සැහැල්ලුයි .. මට සතුටක් දැනුනම සීමා මායිමක් නැතුව රැල්ල පාගගෙන මං හයියෙන් දුවනවා .. එහෙම දුවද්දි පිට දිගේට මුහුදු හුලං වැදුනම හරිම සනීපයි ..
එදත් ඒ වගේ දවසක් .. මං දුවගෙන ආවා වෙරළට ... මගේ හිත සතුටින් පිරිලා ගිහිල්ලා .. මං අහස දිහා බලාගෙන වටයක් කැරකිලා එතනම බිම වාඩි උනා .. ඒත් එක්කම මං දැක්කේ මට ටිකක් එහායින් බිම හාර හාර හිටපු පුංචි කෙල්ලෙක්ව .. එයා එකපාරටම ඔලුව උස්සලා මං දිහා බැලුවා ..
"හලෝ" එයා කතා කලා .. මං ගණන් ගත්තේ නෑ .. මට ඕනෙ උනේ නෑ පොඩි එකෙක් එක්ක කතා කරන්න .. ඉතිං මං ඒකට ඔලුව විතරක් වැනුවා ..
"මං වැලි වලින් ගෙයක් හදනවා .."
"මං දැක්කා .. කොයි වගේ එකක්ද හදන්නේ " මං ගාණක් නැතුව ඇහුවා ..
"මං දන්නෑ .. මං වැලි අතගාන්න ආසයි .. "
"ඇත්තද ... " මං මූද දිහා බලගෙන ඇහුවා ..
සිලිත්තෙක් වැල්ලට සමාන්තරව පියාඹගෙන ගියා .. අර පොඩි කෙල්ල ඇස් දෙකත් ලොකු කරන් ඒ දිහා බලාගෙන හිටියා ..
"හරි ෂෝක් .." එයා කිව්වා
"මොකක්ද ෂෝක් . "
"දන්නවද , සිලිත්තෝ වාසනාව ගේනවා .." කුරුල්ලා ඈතට පියාඹලා නොපෙනී ගියා ..
"කව්ද කියන්නේ " මං ඔලොක්කුවට ඇහුවා ..
"අපේ අම්මා .. එයා කියනවා සිලිත්තෝ වාසනාව ගේනවා කියලා "
"හ්ම්ම් " මං මටම කියාගත්තා ..මං එතනින් නැගිටලා ආයෙත් රැල්ල ඇවිදින්න පටන් ගත්තා .. අර ටිං බෙලෙක්ක කටහඬ මගේ පස්සෙන් ආවා ..
"ඔයාගේ නම මොකක්ද " එයා ඒපාර මගෙන් ඇහුවා ..
"පහන් "
"මං සේයා ..මට අවුරුදු හතයි "
"හායි සෝයා .. "
