මට දරුවෙක් ඉන්නවා...
ලස්සන ,
සුදු , කොන්ඩෙ ක්‍රේල්
පොඩි කොල්ලෙක්..දැන් අවුරුදු පහක්...ඔව් මොන්ඩිසෝරිත් යනවා....කොයිවෙලාවෙත් කටේ තියෙන්නේ
ජෝනී ජෝනී යස් පාපා...
පැණිරස පිස්සෙක්...හැබැය් ඒවගේමය් කෙල්ලන්ට ලයින් දාන්නත්... ඉස්සරහට ෆ්ලර්ට් කින්ග් කෙනෙක් වෙන පෙරනිමිති තියෙන්නේ ......
හැබැය්..මම සිංගල්
මම බැදලත් නැහැ
බදින්නෙත් නැහැඑතකොට මං කව්ද?
මං සිංගල් ෆාදර් කෙනෙක් ! ඔව් මම රිශිත..වයස29 යි
එතකොට මගෙ දරුවා සියොල්...
සියොල් මගෙ අතට එද්දි හරියටම මාස තුනයි දවස් දෙකයි..
ඔව් රේසින්ග් අ චයිල්ඩ්...!
හැබැය් චූටි සියොල් කාගෙවත් නෙවෙයි මගෙම දරුවා....මගේ ලේ නූනත් එයාටත් තියෙන්නේ O+…චූටිම කාලෙ කිරි ඉල්ලල අඩද්දි... මගෙ පපුව පිපිරුවෙ නැති එක මටම පුදුමය් ...තප්පරෙන් තප්පරේ මිනිත්තුවෙන් මිනිත්තුවට... පැයෙන් පැයට... අපි දෙන්න අපිටම කියල පුංචි ලෝකයක් හදාගත්තා ..
මං එයාගේ අපාචි.. එයාගෙ තාත්ති සිනෙත්.
අම්ම යොවේනි...
හ්ම්ම්ම්ම්ම්..
හැබැයි සියොල්ගෙ අම්මිය් තාත්තිය් ඉන්නෙ මේ ලෝකෙ නන් නෙවෙ...නමුත් ඇයි?
ඒකනෙ ඔයාලගේ ප්‍රශ්නේ...
සිනෙත් කියන්නෙ උප්පතිතෙයෙන් විතරක් වෙනස්වුන මගෙ සහෝදරයා
හොදම යාලුවා ...නැත්නම් ඊට එහා ගිහින්...
අනේ මන්දා ..
හැබැය් එකේ ඉදන් දහතුන වෙනකන් .... දවස් 4757 ක්
යුනිවර්සිටි එකේ අවුරුදු හතරට දවස් 1461 ක්...හිතාගන්නවත් බෑ ඒතරම් කාලයක් ගෙව්න ඉක්මන...ඇත්තටම ඉස්කෝලේදි ග්‍රව්න්ඩ් එකේදී ක්ලාස් එකේදී මට ඌ එක්ක තිබ්බෙ සීතල යුද්ධයක්..
එකලකුනක් වැඩියෙන් ගන්න...
එක මෙඩ්ල් එකක් වැඩිකරගන්න..
නැත්නම් ෆෑන් බේස් එකට එක කෙල්ලෙක් ඇදලගන්න
ඔය සීතල යුද්දෙ අස්සේ එකදවසක්
ඒලෙවල් ලියල ඉවරවෙලා අපි හොදටම බීවා ....
රෑ වෙලා ගෙදරටත් බොරුකියල වෙන කොල්ලෙක්ගේ ගෙදරක සෙට් වෙලා....
නිදියගන්න යද්දි රෑ දෙකත් පහුවෙලා... එකට එකගොඩේ ඩබල් ඇදක නිදියන් ඉද්දි..
එකපාරට !
මට එහාපැත්තෙ හිටිය සිනෙත් මගෙ තොල්වලට කිස් එකක් දුන්නා.
YOU ARE READING
6 2 1 8
Romanceමේ ලෝකේ අපි ගැන හිතන , අපි වෙනුවෙන් කැපවෙන අය වෙනුවෙන් සංවේදි වෙන්න... ලෝකෙට සමහරවිට විහිලුවක් වෙන දෙයක් උනත්..ඒක ඒගොල්ලන්ට මහා සතුටක්...🖤 දවස් 6218 ක වටිනාකමක් !