අම්මයි තාත්තායි අයියයි නංගියි ඉන්න සල්ලිකාර පවුලක මද්දුමයා මම . පැහැපත් සමක් හා බෙල්ල ලගට කොට කල කොන්ඩයක් හිමි මම ලිතුමි සහස්නා . අම්මාගෙ ආදරෙ වැඩියෙන්ම ලැබුනෙ අයියාට. තාත්තා වැඩියෙන්ම ආදරෙ කලෙ කාටද කියන්න නම් මම දන් නැ , මොකද මට අවුරුදු එකහමාරෙදි විතර තාත්තා මේලොකෙන් යන්න ගියා. පොඩි කාලෙ ඉදන් මට ආදරෙ ලැබුනෙ හරි අඩුවෙන් , මම පාසල් ජීවිතෙ ගෙව්වෙ හොස්ටල් එකෙ , මොන දෙ උනත් මම හොදින් ඉගෙනගත්ත නිසා මාව පේරාදෙණිය විශ්වවිද්‍යාලය ට තේරුනා. අම්මා නම් කිව්වෙ ගෙදර ඉදන් යන්නත් ලගයි නිසා කොලබ කැම්පස් එකට යන්න කියලා ඒත් මට ඕනෙ උනෙ පවුලෙන් ඈත් වෙලා ජීවත් වෙන්න එ වගෙම එ සීතල ප්‍රදේශෙ ට මම ආස කරපු නිසාම මම පේරාදෙණිය කැම්පස් එක තෝරගත්තා . ඊයෙ ඇවිත් බෝඩිමක නතර උනා මොන දෙ නැතත් මට අපායට උනත් තනියට යන්න එන බෙස්ටියෙක් ඉන්නවා , ගෙනාපු ඇදුම් මලු ටිකත් පැත්තකින් තියලා එන ගමන් ගෙනාපු බත් දෙක දෙන්න එක්ක තරගෙට ගිල්ලෙ තිබ්බ බඩගින්නටමයි . හෙට අදින ඇදුනුයි බඩු ටිකයි ලෑස්ති කරලා නින්දට ගියෙ දහයට විතර .
''ඔයි ශානිකා නැගිටපන් ඉක්මනට පරක්කුවෙනවා..´´
'' තව පොඩ්ඩක් නිදාගන්න දීපම් බම් ´´
ආයෙත් අනිත් පැත්ත හැරිලා නිදි''ආහ් මොකක්ද බල්ලො කරන්නෙ පිස්සු හැදිලාද´´
වතුර එකක් ගෙනල්ලා මූනට ගැහුවෙ පලවෙනි දවසෙම පරක්කු වෙලා යන්න බැරි නිසාදෙන්නා එක්කම ඉක්මනට ලෑස්ති වෙලා ගියා , ගියා නෙවෙයි දිව්වා කිව්වොත් හරි
දඩාස්💥 .............
ගියපු වේගෙට ඉස්සරහින් ආපු කෙනාගෙ ඇගෙ වැදුනා , දෙන්නාම බිම වස ලැජ්ජාවයි මට වෙන්නෙම මෙ වගෙ දේවල් නෙ මොනවා උනත් ලස්සන කෙල්ල , එක පාරම නැගිටලා මම දිහා බැලුවා......