මම හිතුවෙ බලපු විදියට මගෙ අවසානෙ තමයි කියලා ,
''අහ් සොරි......´´
කියලා එයා ඉක්මනට එතනින් ගියා .
මොකක්ද එ උනෙ කියලා කල්පනා කර කර ඉන්නකොටම....''ඕයි ලිතූ.. දවසම ඔතනට වෙලා ඉදන් ඉන්නද කල්පනාව ´´
මගෙ මනෝ ලෝකෙ බිදුනෙ එ හැකර කටහඩට''හරි හරි යමු ´´
ඉක්මනට හෝල් එකට ගිහින් ලෙක්චර් එකට අවදානෙ දීගෙන හිටියා , එක පාරම පිටිපස්සෙ ඉන්න එකා ඔලුවට පෑනෙන් ඇනපු පාර මොකාද කියලා බලන්න හැරිලා බැලුවෙ , උදෙ ඇගෙ
හැප්පුන කෙල්ල''ඇයි ? ´´
''ඇයි?´´
''ඇයි මට කතා කලෙ ?´´
''මම ...... පිස්සු ද ?´´
යකො මේකි මාව විහිලුවට අරන් ද''එයා නෙවෙයි කතා කලෙ මම , පොඩ්ඩක් පාත් වෙනවද මට බෝර්ඩ් එක පේන්නෙ නෑ´´
එක පාරම කතා කලෙ උදෙ ඇගෙ හැප්පුන කෙල්ලගෙ එහා පැත්තෙ හිටපු දොඩම් ගෙඩි දෙකක් වත් උස නැති කොන්ඩෙ කපුටු කූඩුවක් වගෙ කෙල්ලෙක්, කොට නම් ඉස්සරහින් ඉදගන්න එපැයි , මටත් වස ලැජ්ජාවයි . මම කොහොමත් මගෙ වයසෙ අනිත් අයට වඩා ටිකක් උස නිසා මට මෙ ඉරණම පොදුයිලෙක්චර්ස් ඉවර වෙලා බෝඩිමට ඇවිත් ඇග සෝදගෙන ආන්ටි උයලා තිබ්බ බත් කෑවා
''තෑන්ක්ස් ආන්ටි ගොඩක් රසයි´´
ඒ තරම් රස නැති උනත් රස නෑ කියන්න බැරි කමට රසයි කිව්වෙ''අනෙ ඕක මොකක්ද ලමයො , මම මෙ ඔයාලාට කියන්න කියලාමයි හිටියෙ අද බෝඩිමට අලුතෙන් ලමයෙක් එනව ´´
''ඒ කවුද ආන්ටි´´
''නම නම් නිහාරා ද මොකක්ද කිව්වා ඔයාලාගෙ කැම්පස් එකෙ´´
''ආ හරි ආන්ටි´´
''මෙ ඔයාලාට ඉඩ මදි කමක් එහෙම නැ නේද´´
''නැ නැ එහෙම දෙයක් නැ ´´
''හරි පුතෙ එහෙනම් ඔයාලා ගිහින් ඔයාලාගෙ පාඩම් වැඩක් කරගන්නකො එ ලමයා අද හවස එනව කිව්වෙ´´
දෙන්නම ඇවිත් ඉක්මනට කලෙ අපෙ බඩු ටික පිලිවෙලකට තියපු එක නැත්තම් එ අලුතෙන් එන ලමයා බය වෙයි අපෙ පිලිවෙල දැකලා
යාලුවො එවපු මැසේජ් වලට රිප්ලයි දාලා පොතක් අරන් කියව කියව ඉද්දි කවුද දොරට තට්ටු කරනව ඇහුනා
ශානිකා ගිහින් දොර අරිනකොටම මම දැක්කෙ...............