දැනෙනා තුරු...21

4K 441 78
                                        

දැනෙනා තුරු...21

මන් ඇස් පියාගත්ත උනත් මගෙ පපුව පුදුම විදිහට ගැහෙන්න පටන් අරන්  ඒක නිසාමද මන්ද මන් නිදාගන්නව වෙනුවට හිතෙන් ගොඩාක් දුර ගිහිල්ල ඉදියෙ..
මන් ටිකක් වෙලා එහෙම ඉදල එශාන් ලගින් අයින් වෙන්න ඉදියෙ...

ඇත්තටම මට මෙහෙම මාවම රිද්ද ගන්න බෑ..මොකද පලවෙනිම දේ එශාන් ඉන්නෙ හොද සිහියෙන් නෙවෙයි ... අනික මට මේ උන කිසිම දෙයක් නිසා බලාපොරොත්තු ඇති කරගන්න බෑ..මොකද ගොඩක්  මිනිස්සු බිව්වහම දෙන පොරොන්දු ඔක්කොම වෙරි මරගාතෙ ඉන්නකම් විතරයි.. අනික මට කොහොමවත් හිතාගන්න බෑ එශාන්ගෙ හිතේ මන් ගැන මොන විදිහේ බලාපොරොත්තුවක් තියනවද එයා  මන් ගැන හිතන්නෙ කොහොමද කියල, අනික මට ඒ ගැන දැනගන්න ඕනිත් නෑ...

මන් පැය කාලක් විතර ඒ විදිහටම හෙල්ලෙන්නෙ නැතුව එශාන් ලගින් ඉදිය එශානුත් මගෙ පපුව උඩට වෙලා හොදට නිදාගත්ත...
තවත් ටිකක් වෙලා එහෙම ඉදපු මන් එශාන්ගෙ අත මගෙ ඇග උඩින් හිමින් සැරේ අයින් කරල  එයාගෙ ඔලුව අතෙන් හිමින් සැරේ අල්ලගෙන එයාගෙ ලගින් ඈත් වෙන්න හැදුවෙ..
මන්  එතන තිබ්බ කොට්ටයක් අතට ගත්තෙ එශාන්ගෙ ඔලුවට තියන්න.. මන් ඉතින් එශාන් නිදි කියල හොදටම ශුවර් කරගත්තට පස්සෙ එයා ලගින් ඈත් වෙන්න කියල හිතන් මන් පැත්තකට වෙන්න හදද්දිම එයා එක පාරටම ගැස්සිලා වගේ ඇහැරිලා මාව තද කරල ආයි තුරුල් කරගෙන මගෙ පපුවට එයාගෙ නිකට තියාගෙන මගෙ ඇස් දිහා බලන්න ගත්ත..

" උබ කොහෙද යන්නෙ.."

"නෑ.. මම කොහෙවත් නෑ..."

"නෑ නෙවෙයි උබත් හදන්නෙ අරකි වගේම මට හොරෙන් මාව දාල යන්න.. මන් යන්න දෙන්නෙ නෑ උබට.. උබ යන්නත් එපා...".
එශාන් එක දිගටම කියාගෙන යද්දි මන් ගැස්සිලා වගේ බලන් ඉදියෙ මොකද්ද ඒ කතාව කියල මගෙන්ම අහගන්න ගමන්.

" ඇයි බන් උබ මෙහෙම බිව්වෙ.. උබ මෙහෙම බොන්නෙ නෑනෙ..."

"බිව්වෙද.. බිව්වෙ මට දරාගන බැරි නිසා...මන් ඒකිට ගොඩක් ආදරෙයි යකෝ.. ඒත් ඒකිට ඒක දැනෙන්නෙ නෑ.. උබ දන්නවද ඒකි තමා අවුරුදු ගානක් මගෙ පස්සෙන් ඇවිල්ල මාව යාලු කරගත්තෙ.. දැන් එහෙම කරපු එකීම ගන්න හැම තීරණයක්ම ගන්නෙ මගෙන් වචනයක් වත් අහන්නෙ නැතුව...උබ දන්නවද ඒකිට යාලුවො නෑ.. මගෙ යාලුවො එක්කවත් ලොකු ගනුදෙනු නෑ.. මන් ඒකි නිසා ගොඩක් අසරනයි බන්.. ඒකි මට යන්න දෙන්නෙත් නෑ මගෙ ආදරේ විදින්න ඒකිට ඕනිත් නෑ..."

දැනෙනා තුරු...(Complete)Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ