🍃 නරි ළමයි වැඩි විස්තරයක් නැතුව කතාව ගැන පුංචියට කියන්නං.මේක ෆෑන් ෆික්ශන් එකක් නෙවෙයි.ෆික්ශන් එකක්.ෆෑන් ෆික්ශන් එකක් නොවන නිසා නොකියවා ඉන්න එපා.FF වගේම ෆික්ශනුත් කියවන්න පුරුදු වෙන්න.කතාවෙ කවරය පහතින් තියනවා බලන්න.ඒ ජායාරූපය මට අයිති නෑ.මං ඒකට TEXT ඇඩ් කරා හොදේ.
🍃 කතාවෙ නම - ALLIGATOR | කතාව සිංහලෙන් - කේවර ආගාධය. (කේවර ආගාධය කියන එකෙන් අදහස් වෙන්නෙ කිඹුලන් වාසය කරන ස්ථානය කියන එකයි.පැරණි රජ කාලවලදි එවැනි තැන් හදුවන්න යොදාගත්තෙ ඒ නම බව මතක තියාගන්න. කතාවෙ නම ඉංග්රීසියෙන් තියෙන්නෙ - 'ඇලිගේටර්' නිසා ඒ වචනය අහලා හුරු ,නුහුරු හැමෝටම දැනගන්න කියනවනං අැලිගේටර් කියන්නෙ Alligatoridae කියන පවුලෙත් Alligator කියන කුලයට අයත් වෙන කිඹුල් වර්ගයක්.ඇටෙන්ශන් නෝට් එකේ ඇති.අනිත් සියලුම විස්තර කතාව ඇතුලත ඇති.
🍃 කතාව ඇතුලත සිදුවෙන දේ ගැන විස්තරයක් දෙන්නෙ නෑ මම.කතාව කියවලම බලන්නකො.මම යනු - හුරතල් සත්තුන්ටත් වඩා predator වර්ගයේ සත්තු ගැන හොයන,ඒ වර්ගයේ සත්තුන්ට ටිකක් වැඩිපුර කැමැත්තක් දක්වන කෙනෙක්.(එයින් අදහස් වන්නේ මා දරුණු පුද්ගලයෙකු නොවන බවයි.මනුසතා කියන්නෙත් එක විදිහක දඩයක්කරුවෙක් තමයි ) ඉතිං ඒ වර්ගයේ මම කැමතිම සත්තු ලැයිස්තුවක් අරගෙන මම මේකට අවසානෙදි කිඹුලෙක් තෝරගත්තා කල්පනා කරලා.බිළාල වර්ගයේ සත්තුන්ටයි මං වැඩිපුර කැමති.නමුත් ඒ වර්ග ගත්තනං කතාවෙ සමහර අවස්ථා ඒ විදිහට ලියන්න බැරිවේවි.ඒ නිසා කිඹුලට මගේ කතාවෙ පෙනී ඉන්න අවස්ථාවක් දීලා crocodilian ගත් වගයි.ඉතිං එපමණයි.මේ කතාවෙ කතා නායකයා 'කොල්ලෙක්'.වැදගත් විස්තරයක් තියනවා ඒක මම එපිලොග් එකේදි අනිවාර්යයෙන් කියනවා.ඒ නිසා කතාව මගදි යම්දෙයක් 'හොයාගත්තොත්' මට පෞද්ගලිකව දන්වන්න.ඒ යම් දේ තමා epilog එකට අයිති.අනිත් එක මගෙ හැම කතාවෙම මම ලිඛිත,කතා කරන භාශාව දෙකම පාවිච්චි කරනවා ලියන්න.එකට.ඒක ගැටලුවක් නෙවේ නේද?
🍃කතාව කොපි කරන්න එපා.පොතේ SS ගන්නවනං මාව දැනුවත් කරන්න.කතාවෙ අනුකරණයක් දැක්කොත් මුලින්ම මට දන්වන්න.මේ පොත වෙන කිසිම තැනක පල කරලත් නැහැ.මේ කතාවට මම යොදාගන්න පොටෝ,සිංදු,වීඩියෝ කිසිවක් මට අයිති දෑ නෙවෙයි.ඒවා අයිති ඒවයෙහි මුල් අයිතිකරුවන්ටයි.එහෙනං නරි යාලුවො කතාව කියවලා මොකක්ද වුනේ කියලා හිතන්න උත්සාහා කරලා බලන්න..දැනුන දේවල් මට කියන්න..කමෙන්ට් කරන්න,වෝට් කරන්න,බොහොම ස්තුතියි!
____________________________________
An author is, I think, someone who focuses his/her attention on the world
____________________________________
-Fox Author -
YOU ARE READING
The ALLigator || FIC | 2023
Misterio / Suspensoතද කොල වර්ණෙට පෙනුන පාසි පිරුණ තෙත ගොහුරක අඩි තිබ්බත් , රෑ අහසෙ අන්ධකාරෙ රැඳුන වතුර වලක සීතල දැනුනත් , දවස් ගානක කුනු වුන මස් වැදැල්ලක දුඟද හැමුවත් , හිරු පෙරළන් සඳු අහසට නැගි ගොම්මනේ ගෙඹි කෑගැහිල්ලක් ඇහුනත් , උල් දත් මුවහත්,දිගු නිය උස්සන් ඉස්සරහි...