8th Chapter

13 6 9
                                    

පැය බාගෙක්ටත් වඩා ඉස්කෝලේ ගේට්ටුව ලග හිටගෙන හිටිය නිම්යෝන්ග්ගේ ඇස් බලාපොරොත්තු වුනේ වෙනදා එයා ඉස්කෝලේ ඇරිලා එනකොට මෙතන නතර කරලා තියෙන දුඹුරු පාට රථයයි.

'ඇයි මෙච්චර පරක්කු'

කවදාවත් නැති ඒරම්ගේ ප්‍රමාදය නිම්යෝන්ගේ හදවතට එක් කලේ අමුතු හැගීමක්.

'සමහරවිට ඒරම් අද ඉස්කෝලේ ගියේ නැද්ද දන්නේ නෑ'

'ඒත් එහෙනම් මට උදේම.ඒක කියනවනේ'

'අද හදිස්සියේ හවස ඉස්කෝලේ තිබ්බද දන්නේ නෑ'

'එහෙනම් ඩ්‍රයිවර්වත් ඇවිත් ඉන්නවනේ'

'අනේ කෙල්ලට අසනීපයක්වත්ද'

'නෑ නෑ එහෙම වෙන්න බෑ එහෙනම් මෙලහකටත් යෝජූන්ශී මටකතා කරලා'

එයා විසින්ම නගපු ප්‍රශ්න වලට ධනාත්මක තාර්කික උත්තර දීපු නිම්යෝන්ග්ට ඕන උනේ එයාගේ හිතේ තිබුනු අමුතු හැගීම නැති කරගන්න වෙන්න ඕනේ.

තවත් විනාඩි දහයක් බලපු නිම්‍ යෝන්ග් තීරනේ කරා ඒරම්ගේ අප්පට කතා කරන්න.

"යෙබුසේයෝ, යූජින්ශී ඒරම් තවම ඉස්කෝලේ ඇරිලා ආවේ නෑ, එයා අද කලින් ගියාද දන්නේ නෑ"

_ "මියානේ ඔයාව කලින් දැනුවත් කරන්න බැරි උනාට අද ඒරම්ගේ ඉස්කෝලේ උතසවයක්, ඒ නිසා දෙමව්පියන්වත් ගෙන්නුවා, මට ඇත්තටම වාහනේ එවන්නත් අමතක උනේ ඒ නිසයි"

"ආහ් එහෙමද හරි එහෙනම් මට දැනගන්න පුලුවන්ද අද ක්ලාස් කෙරෙනවද නැද්ද කියලා"

"ඔව් මම හිතන්නේ තව පැයකින් විතර උත්සවේ ඉවර වෙයි, ඊට පස්සේ කාල්ස් එක තියමු,මොකද ඒරම් කැමති නෑ මොන හේතුවටවත් ක්ලාස් එක නතර වෙනවට"

"අහ් දේ, මට ගෙදර ගිහින් එන්න වෙලාව මදිවෙයි, මම කලින් ආවට ප්‍රශ්නයක් නැද්ද"

"අනිවාරයෙන්ම, තව ටිකක් ඉන්න කරදරයක් නැත්තන් මම ඉක්මනින් වාහනේ එවන්නම්"

"අනී අනී යූජින්ශී කරදර වෙන්න එපා මට යන්න පුලුවන්"

"එත්..."

"අනී මට බස් එකේ යන එක ලේසියි"

"හරි එහෙනම් මම තියන්නම්"

"දේ"

ෆෝන් එක අත්බෑගයට ඔබපු නිම්යෝන්ග් බස් නැවතුම්පල දිහාට අඩිය ඉක්මන් කලා.

ඒරම්ගේ නොපැමිනීමට හේතුව දැනගත්තත් මම හිතන්නේ නෑ ඒ සංවාදය නිම්යෝන්ගේ කලබල සිතට අස්වැසිල්ලක් උන වග ඒ නිසාමයි, ආපු බස් එකට ඉක්මනින් නැග්ගේ.

අහම්බෙන් හෝ ඇයට ලැබුනේ ජනේලයක් ලග අසුනක්, ඉක්මනින් එහි වාඩි උන නිම්යෝන්ග් හිතේ තිබුනු කලබල ගතියටම විශාල සුසුමක් වාතලයට එකතු කරා.

ඒ එක්කම වගේ ජනේලයෙන් පිටත පරිසරයට නෙත් යොමපු නිම්යෝන්ග් නතර උනේ අර කලින් පිට කරපු හුස්ම නැවතත් තමන්ගේ නාස් පුඩු වල හිරකරගන්න ගමනුයි......

ආයේ කවමදාකවත් වෙන්න එපා කියලා පතපු ඒ පරිසරයේ වෙනස ඇයව ඒ මතකය අස්සට අරන් ගියේ ඇගේ හදවතට බය, දුක, වේදනාව, කනස්සල්ල වගේ මහා බරගොඩක් එකතු කරමිනුයි.

You've reached the end of published parts.

⏰ Last updated: Jul 17, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

My Guiding Star🌟Where stories live. Discover now