Captain Yoongi

403 88 62
                                    

"අද සිට උතුරු හමුදා කදවුරේ කපිතාන් විදිහට විශේෂ බලකා නිලධාරී මින් යුන්ගි පත් කරනු ලබනවා. ඒ වගේම සියයක් වූ සෙසු නිලධාරීන් , විස්සක හෙද කාර්ය මණ්ඩලය වගේම ආයුධවල සම්පූර්ණ වගකීම කපිතාන් මින් යුන්ගි යටතට පැවරෙනවා.ඉතිරි සති දෙක ඇතුළත මුහුණ දෙන්න වන සෑම හදිසි ප්‍රහාරයකට වගේම ඕනෑම හදිසි අවස්ථාවකටම නායකත්වය සැපයීමේ වගකීම විශේෂ බලකා කපිතාන් මින් යුන්ගි යටතේ සිදුවෙනවා.පැහැදිලිද?????"

"පැහැදිලි තුමනි..!!"

ඉහල නිලධාරිවරයාගෙන් ලැබුණු නියෝගයට උස් වගේම ගාම්භීර හඩකින් පිළිතුරු දුන්න තරුණ රණවිරුවා තම වම් අත නලල සමීපයට ගෙන ඔහුට ආවාර කරේ තම රටේ හදිසියේ පැන නැගී තිබෙන ත්‍රස්තවාදී ප්‍රහාරයන්ට නොබියව මුහුණ දෙන වගකීම් සහගත නායකයෙක් විදිහට.

"හෙට ඉදන් තමයි අපේ මෙහෙයුම ක්‍රියාත්මක කරන්න තියෙන්නේ. අද ඕගොල්ලෝ හැමෝටම තමන්ගේ ගෙවල්වලට ගිහින් සමීපතමයන් මුණ ගැහිලා එන්න අවස්ථාව ලැබෙනවා.අපිට මේ මිෂන් එකේදි හැම ලේ බිංදුවක ඉදන් අපිට තියන අයිතිය අතාරින්න වෙනවා. අත, පය ඇස් ඒ වගේම අපේ ජීවිතේ උනත් අතාරින්න වෙන්නේ දෙපාරක් නොහිතා. ඒනිසා ඔය හැමෝම අද ගිහින් සතුටින් ගත කරන්න.හෙට පාන්දර පහ හමාර වෙද්දි හැමෝම සේවයට වාර්තා කරන්න ඕනි. බුද්ධි අංශ වාර්තා වලට අනුව අපි මේ සති දෙක ඇතුළත එන්න පුලුවන් ඕනම ප්‍රහාරයකට මුහුණ දෙන්න ලෑස්ති වෙලා ඉන්න ඕනි. මතක තියාගන්න මේ මහ පොළොවේ නිදහස අපේ අත් දෙක උඩයි රැඳිලා තියෙන්නේ....."

"OK boys, you can leave now"

තමන්ගේ ජීවිතේ දෙවනි තැනට තියලා උස් මහත් වෙච්ච මහපොළොවට බරක් නොවන විදිහට මාතෘ භූමියේ නිදහස රකින්න තමන්ගේ හැමදේම කැපකරල මෙතනට ආපු මේ සොල්දාදුවෝ හැමෝම ගැන යුන්ගිගේ හිතේ තියෙන්නේ ලොකු ගෞරවයක්.

තමන් වදපු අම්මා, අත පය නොකඩා හදපු තාත්තා, මහමෙරක් තරම් ආදරේ කරන බිරිද, තමන්ගේ ලෙයින් මසින් හැදුණු පුංචි
පැටව් ගෙදර තනි කරලා තවත් දාස් ගාණකගේ හුස්ම පොදේ අයිතිය රකින්න මේ සියලුම සොල්දාදුවෝ ලේ දාඩිය හෙළන්නේ එකම විදියට. මේ හැම පිරිමි පපු කදක් ඇතුලෙම තමන්ගේ එවුන් වෙනුවෙන් නලියන ආදරයක් නොතිබෙනවා නෙවෙයි. ඒත් ඒ ආදරේ පරයා නැගෙන මහා දේශමාමකත්වයකින්,
ජාත්‍යාලයකින් ඒ පපු පිරිලා ගිහිල්ලා. පපුව පසාරු කරගෙන යන වෙඩි උණ්ඩයකට පවා පිටිපස්ස නොහැරී මූණ දෙන්න ඒ හිත් හයිය වෙලා.

Captain YoongiWhere stories live. Discover now