.
.
.
.
ම්ම්හ්..හ්ම්.. ලා..න්..චාන්..අඳුරු කුටිය තුළ සයනයේ එහා කෙළවර වැතිර සිටි ඔහුගේ දෑඟිලි සයනය මත දිව්වේ දෑතට සිනිඳු සළු පිළි කිහිපයක් පමණක් හසුවෙද්දි..
ලා..න්
එක ඇහැක් විතරක් මඳක් හැර නිදිමත බේරෙන මුහුණින් ඔහු මඳක් හිස එසෙව්වෙ තවමත් ඔහුගේ අතට තියා ඇඟිලි තුඩකටවත් ඒ සිනිඳු සම ස්පර්ශ වුනේ නැති නිසයි..
ම්ම්හ්හ්.. ඉහවහා ගිය කම්මැලිකමින් අනික් පැත්ත පෙරලුණු ඔහු තවත් නින්දකට සූදානම් වුනත් ඒ මනස නම් ටිකෙන් ටික අවදි වුනා..
" ලාන්චාන්.. මේ වෙලාවෙ නෙවේ මේ අවේලාවෙ..
මොන ලෝකෙක ගියාද..?"නින්දෙන්ම ඒ ප්රශ්නෙට පිළිතුරක් හොයන්න හැදුවත් පිළිතුරක් පෙනෙන තෙක් මානයකවත් නෑ..
නෑ කියන්නේ ගුසූ ලාන් වංශ නීති ගැන දැන් මනා අවබෝධයක් ඇති වෙයි යින්ග් කොහොමත් දන්නා දෙයක් තමයි ගුසූ වාංශිකයන්ගේ නිදාගැනීමේ රටාව...
රාත්රී නවයේ හෝරාවට නින්දට යෑමත් පාන්දර පහට අවදි වීමත් අතරතුර වංජි අවදි වුනානම් ඒ වෙයි යින්ග්ගේ නොයෙක් විකාර වැඩක් නිසාම පමණයි..
ඒත් අද..හනේ තමන් හරි අහිංසක ලෙස නිදාගත්තා කියල වෙයියින්ග්ට ඕනෑ සාක්ශියක් මත දිව්රන්න පුලුවන්..අවදි වෙනකොටත් මුළු සයනයම මත අතපය දිගෑරගෙන හිඳි එක වෙනමම කතාවක් වුනත්..!
" ලා..න්..චා..න්.. ඔ..බ .. කොහෙද ගියෙ කියලා .. හොඳ හේතුවක්..නොදුන්නොත්.. මම හෙට ... ම්ම්ම්.. ඔව්..මම හෙට දහයේ හෝරාවටවත් අවදි වෙන්නෙ නෑ නෑමයි ..හ්ම්ම්.. "
නග්න දෙපතුල් ජිංශියේ බිම සිපගත්දි වෙයි යින්ග් සයනය ඉහාතේ තිබුනු ඉටිපහන දැල්වූවේ එකවරම දැල්වූ ආලෝකය දෑස් වලට හුරු නැතිව ඇසිපිය කකියද්දි.
ජිංශියේ බිත්ති මත ඉටිපහන් දැල්ලෙන් නටන ඔහුගේ සිරුරු ඡායාව සමඟ සයනය පුරා විසිරුණු කළු සහ රතු සළු කියාපෑවේ මීට හෝරා කිහිපයකට මත්තෙන් විඩාපත් වූ මේ ජිංශියේ හැමදාම.. ඔව්..හැමදාම කතාව.
යළිත් සළු එකිනෙක වෙයි යින්ග් ගේ ගත දැවටෙද්දී මේ සිටියේ ලෝකයට අඳුරු ධ්යානවේදය ගෙන ආ ඒ මහා යීලිං අධිපතියා වෙයි වූෂියෑන් ම පමණක්මයි.