වැස්ස....
වැස්ස කියන්නේ මම විදින්න ආසම දෙයක්.වැස්ස මට අරන් එන්නේ මහ අමුතුම සැනසීමක්.අහසින් වැටෙන වැහි බිංදු පොලොවට වැටිලා හරි අගේට සෝල් නගරේ පාරවල් දිගේ ගලා ගෙන යන හැටි මම බලන් හිටියේ වැස්සේම තෙමි තෙමි ..මම ජිවත් වෙන්නේ ලොකු පීඩනයකින් කීවොත් හරි සාමාන්යය මනුස්සයෙක්ට වඩා මගේ ජිවිතේට බරක් තිබුණේ මගේ රැකියාව නිසා..මගේ සේවාදායකයාගේ ප්රශ්න මගේ කරගෙන ඒවා එකින් එක විසදන්න නිසා මම හුස්ම ගන්න මොහොතක් පාසා වගකීමක් සමග බැදිලයි තිබුනේ.. වෘත්තියෙන් ලෝයර් කෙනෙක් උන මට නඩු විසදන්න හොද හැකීයාවකුත් තිබුනා ඒ නිසාම සෝල් වල මම ටිකක් විතර ප්රසිද්ධ ලෝයර් කෙනෙක්..
වැස්සත් එක්කම හමාගෙන එන හිරිගඩු උලුප්පන කුණාටු හුළගට මම හරි සිහියට ආවේ.. සුදු බ්ලව්ස් එකට කළු ටයිට් ස්කට් එකක් ඇදලා හිටිය මම විනිද පෙනෙන තරමට හොදටම තෙමිලා. පාරේ කුඩ ඉහළන් කඩි මුඩියේ දුවන මිනිසුන් මම දිහා බැලුවේ මහ අමුතු විදියකට.. දෙයියනේ ඇත්තටම මට පිස්සුද කොහෙද වැඩ ඇරිලා ගෙදර එද්දී කඩාපාත් උන මහ වැස්සට මම අහු උනාට නොතෙමී ඉන්න මගේ ගාව කුඩක් තිබුනත් මොකක්ද හේතුවට මට අද වැස්සේ තෙමෙන්න හිතිලා නෑ වැස්සට මාව තෙමන්න ඉඩ දිලා මම බකන්නිලාගෙන බලන් ඉදලා... තවත් තෙමනොත් මාවත් කඩදාසි කොළයක් වගේ දියවෙලා යාවී කියලා හිතුන නිසා වැහි හුළගත් එක්ක පොර බදලා මම දුවන්න පටන් ගත්තේ බස් හෝල්ට් එක පැත්තට.
ඒත්,
ඒත්,
උන දේ මටත් හිතාගන්න බෑ....
මට දැනුනේ සැර සුවදක් එක්ක ඇස් නිලංකාර වෙලා යන බවක් කිසි දෙයක් හිතන්න කලින් මට සිහිය නැති උනා.ඇස් පිහාටු වලට දැනුන බර ගතියත් එක්කලා මම සිහිය එනකොට හිටියේ කහපාට අදුරු ආලොකෙකින් ගිලගත්ත කාමරයක.මට තේරෙන්නේ නෑ මොකද්ද උනේ කියලා එක්කො මම මහ නපුරු හීනයක් දකිනවා..මාව පුටුවක තදටම ගැට ගහලා කාමරය පුරා ඇස් යැවලා ඇස් පිහාටු වේගෙන් ගැහුවේ මම මේ හිනලෝකෙද ඉන්නෙ කියලා බලන්න...ඒ එක්කම ඇහුනේ දොරක් ඇරෙනවා සද්දක්.ඒ පැත්තෙ ඉදං ආවේ මිනිස්සු වගයක් එතනින් කිහිපදෙනෙකු මුහුණු ආවරණය කරන් හිටියේ..එතන හිටිය එක්කෙනෙක් මගේ ඇස් වලට එබිලා බලාගෙන හිටියේ මාව කන්න වගේ..ඒ ඇස් මගේ මුළු ඇගම පුරා දිව්වබවත් මට දැනුනා.. ටිකකින් ඒ මිනිහා පස්සට වෙලා කතා කරන්න පටන් ගත්තා.
"ඉතින් ලෝය මින්වා..අදුර ගැනීම සතුටක්.. අපිට"