බෙහෙත් පෙති ටික එහෙම්ම බිම අතෑරපු මං ඒ හැල්මොනී ගාවට ගියා... එයා අසරන විදිහට මං දිහා බැලුවම මගේ පපුව පිච්චිලා ගියා..."හැල්මොනී... නැගිටින්න... ඔතනට වෙලා ඉඳලා හරියන්නෙ නෑනේ..."
මං එයාව නැගිට්ටුවා... එයා ගැහෙනවා... මම මගේ කෝට් එක ගලවලා එයාට දැම්මම ඒ හැල්මොනී අත් දෙක එකතු කරලා මට වඳින්න හැදුවා...
"අන්ද්වේ හැල්මොනී... මට නේ පව් සිද්ධ වෙන්නේ..."
මොකක්දෝ හැඟීමකට ඒ හැල්මොනීව මම ගෙදර එක්ක ගෙන ආවා... හොඳට කන්න දීලා උණු වතුර උණු කරලා නෑව්වා... දවස් දෙකක් විතර යනකම් ඒ හැල්මොනීට නැගිටින්න බැරිවුනේ ටිකක් අසනීපෙන් වගේ හිටිය නිසා... ඒත් තුන්වෙනි දවසේ,...
"හැල්මොනී... සූ ආවා..."
එහෙම කියාගෙනම ගෙට ආපු මට දැනුනේ හිතා ගන්න බැරි තරම් කටට කෙළ උනන කෑම සුවඳක්...