suiside lover chapter 5💉

1.2K 329 25
                                    

" සර් අපිට යන්න දෙන්නකෝ"

ජන්කුක් කිව්වෙ වාහනෙන් බහින ගමන්

" යන්න? තොපි දෙන්නාව අඩුම පැය දොලහක්වත් ඇතුලෙ තියාගන්නවා...හ්ම් දැන් යමු ඇතුලට"

වෙන මොකුත් කියන්න කලින් දෙන්නවම කූඩුව ඇතුලට දැම්මා.

" මේහ් ජන්කුක්...
කූඩුවෙ තිබ්බ ඇද කින් වාඩිවෙලා ටේහියුන් ඇහුවෙ එයලගෙ ඉස්සරහ වාඩිවෙලා ඉන්න Sl ට එය කියන දේ ඇහෙන්නැතිවෙන්න.
" මොකද?

" ඇයි එයාලා පැමිනිල්ලක් ලිවෙ නැත්තෙ?

ටේහියුන් අහද්දි ඇදෙ අත් දෙකයි කකුල් දෙකයි දෙපැත්තට දාගෙන ජන්කුක් හිනා උනා.

" මේක බරපතල වැරැද්දක් නොවන නිස වෙන්නැති..තමුසෙට ඕකද ප්‍රශ්නෙ දැන්.."

ටේහියුන් හිතින් ජන්කුක්ට බනිනා ගමන් බුම්මන් ඇදෙ නිදගත්තෙ මේ මෝඩ හාවා නිසා හිරෙත් ලගින්න උන නිසා.

.......................................

ටේහියුන් ගැස්සිලා ඇහැරුනේ මොකෙක් හරි එයාහෙ කට දිග්‍ර් යන ව වගෙ දැනුන නිසා.ඉතින් එයා දඩිබිඩි ගාලා ඇදෙන් බිමට පැන්නෙ මොකෙක්ද බලන්න.

ඇද උඩ තඩි මකුලුවෙක්!

ටේහියුන් ට කෑගහන්න ඕනි උනත් අතින් කට වහගෙන ජන්කුක්ගෙ ඇද පැත්තට ගියෙ ජන්කුක්ගෙන් උදව්වක් ගන්න බලාපොරොත්තුවෙන්.

මොකද මකුලුවො කියන්නෙ මේ ලෝකෙ ජරාම සත්තු ජාතියක්.

" මේ ජන්කුක්...

" ......

" කුක්...

" .......

ටේහියුන් ජන්කුක්ට කතා කරත් කොල්ලගෙන් සද්දයක් තිබ්බෙ නෑ.ටේහියුන් ටිකක් වෙලා ජන්කුක්ගෙ ඇස් දිහා බලන් හිටියා.ඒවා පියවෙලා ,එතකොට කට චුට්ටක් උල්වෙලා...පුදුම හුරතලයක්!

ටේහියුන් තමන්ටම කියාගෙන ජන්කුක්ගෙ මූන පොඩ්ඩක් ඇල්ලුවෙ එයාගෙ යටි හිත තදින්ම ඒක කරන්න කිව්ව නිසා

" ඒයි මොකද?

ජන්කුක් එකපාරට නැගිටිද්දි ටේහියුන් පටස් ගාලා එහාට උනේ අත් වලින් එයා හිටිය ඇද පෙන්නන ගමන්.

" ම-කු-ලු-වෙ-ක්!

" බැදන් කන එකයි ඇත්තේ...

ජන්කුක් එහෙම කියල ආපහු නිදාගත්තෙ ටේහියුන්ගෙ බලාපොරොත්තු සුනු විසුනු වෙලා යද්දි....

" පුහ්..පුදුම නපුරෙක්.!

තමන්ටම මුමුන ගෙන ටේහියුන් හිමීට ජන්කුක්ගෙ ඇද පැත්තකින් ඇලවුනේ එයගෙ ඇදට යන්න තිබ්බ බයටමයි.

හෙමින් හෙමින් තමන්ගෙ ඇදට බඩගාන කොල්ලව ජන්කුක්ට දැනුනත් මොකුත්ම නොකර නිදාගෙන වගේ හිටියෙ හිත යටින් ටේහියුන්ගෙ උනුහුමට එයා කැමති නිසා..

My Suside Lover|taekook Where stories live. Discover now