1 කොටස 🌸

534 144 70
                                    

SAKURA 🌸

---------------------------

අවටින් ඇහෙන වෙඩිහඩවල් එක්ක කන ලග පිපිරෙන බෝම්බ සද්ද එක්ක මුලු පළාතම වෙලාගෙන තිබුණා... සමහරක් ජිවිත බේර ගන්න පොර කද්දී ,තවත් සමහරක් ජීවිත පුද දීලා ජීවිත ගණනාවක් බේර ගන්නවා... ඒත් හිත් පිත් නැති සමහර වෙඩි උණ්ඩ එක දෙක අහිංසක ජීවිත පසාරු කරන් යන්නේ හරියට බල්ලෝ බළල්ලුන් ගාණට දාලා....

මේක ලෝක විනාසයක්වත්,
නව රාජ්‍යක පටන් ගැන්මවත් නොවෙන්න පුලුවන්....

නමුත් මිනිසුන් තවමත් බල තණ්හාව නිසා මිනිස් ජීවත දහස් ගණන් බිලි දෙමින් බල අරගලයක.... ජාතී , කුල , ගැහැණු , පිරිමි, වැඩිහිටි, ළමයි කියලා වෙනසක් නොකරම ඔවුන් ජීවත බිලි ගන්නවා.... ඉතින් ජීවිතේ වෙනුවෙන් යදින ඒ අහිංසක මිනිස්සුන්ට දැන් ඕන ලෝකේ කොහේම හරි ලස්සන සාමකාමී තැනක යන්තම් හුස්ම වැටෙමින් හරි ජීවත් වෙන්න.....

මේ සකුරා දේශය... බලය වෙනුවෙන් අරගල කරන , ලෝකයක් යටත් කර ගන්න මාන බලන ලෝකයේ බලවත්ම කියන ජපානය....නමුත් අද ඔවුනුත් ලෝකයාගෙන් හිගමන් යදිනවා.. කන්න අදින්න නැතුවද ?... නැහෑ... යුධ බලය වෙනුවෙන්...

ලෝකයේ එහා කොණේ බලවතා මෙහා කොණට යනකම තම බලය පතුරන් අරන්...

" ඇමරිකන් බල්ලෝ... වුන්ට ඕන පොළවේ අල්ල ගන්න විතරයි... කිසිම හිතක් පපුවක් නැති ජරා යක්කූ...."

මගේ සහයක සැරයන් කෙනෙක් එහෙම කියනවා මං අහගෙන...

ඔව් ඔහු හරි.... ඇමරිකන් හමුදාව කියන්නේ කිසිම හිතක් පපුවක් නැති ජරා සත්තු ජාතියක්... ඒත් ඒ ඔවුන් විතරමද ?...

සකුරා දේශයට ඇමරිකන් හමුදාම පහර දෙන්න අරන් දැනට මාස තුනක් වෙනවා... තවමත් යුද්ධය නිමක් කොනක් නොපෙනෙන තරම්... ඉහළින් ලැබෙන නියෝග වලට අනුව ඔවුන් අසල්වැසි කොරියානු රාජ්‍යයේත් හමුදා සහය බලාපොරොත්තු වුනා... ඒ විදිහට මං ඇතුලු මගේ බලගනයට සහයට සකුරා දේශයට එන්න සිද්ද වුනේ එහෙමයි.....

------------------------------------

1997. මාර්තු .4

අදට අපි සකුරා දේශයට ඇවිත් මාස තුනයි දවස් 15යි.... හොක්කයිඩෝ නගරයේ දකුණු ප්‍රදේශයේ ඊයේ සිද්ද වුන හදිසී තත්වය දැන් පහව ගිහින්... දැනට තුවාල ලැබූවන් 36 දෙනෙක්ගේ ජීවිත බේර ගන්න ඇල්ෆා බලගනයට පුලුවන් වුනා... දැනට අපි ඉන්නේ හමුදා බල ප්‍රදේශයේ , සරණාගත කදවුරේ ප්‍රථීකාර ලබමින්...

SAKURA 💮 || JJK  [ Completed ]Dove le storie prendono vita. Scoprilo ora