Chapter 04

199 27 2
                                    

උදෙන්ම නැගිටපු jiyang, Mr.xiao හම්බෙන්න කාමරෙන් එලියට ගියා...

"ආ jiyang...ඇහැරුණාද...?"

"ඔව් Mr.xiao..."

"හ්ම්ම් මේ අහන්න...අද රෑ ඔයා ඔයාගේ කේස් එක බාරදීලා තියෙන inspectorගේ ගෙදරට පනින්න ඕනේ... CCTV ඔයාට මහ දෙයක් නෙමෙයිනේ....ඕකාව මැරුවා කියන්නේ මේ කේස් එක එහෙමම වැහෙනවා....හැබැයි ඔයාට වෙනදා වගේ  ඌව අරන් හොටෙල් එකට යන්නවත් ඌගේ ඇගට අත තියන්නවත් බෑ...ඌව මරන්න කිසිම සාක්ෂියක් අහුවෙන්නේ නැති විදිහට....කැබ් එකක යන්න කාර් එක මෙහෙ තියලා යන්න......"

"හ්ම්ම්ම් මට තේරුණා Mr.xiao...මම තිතට වැඩේ දෙන්නම්..."

"හරි පුතා...අඩුම තරමේ කෙස් ගහක්වත් ඉතුරු කරලා එන්න නම් එපා...."

"හරි Mr.xiao....මම එහෙම කරන්නම්...."

Mr.xiao එක්ක කතා කරලා හැරෙද්දිම leah Jiyangගේ පිටිපස්සේ ඉන්නවා දැක්කත් leahව ගනන් නොගත්තු jiyang, Mr.xiaoගේ කාමරෙන් එලියට ගියා....

"තාත්තා....🥺 දැක්කද..? ඔයා ඒක"

"මොකක්ද Leah..?"

"Jiyang...මාව ගනන් ගන්නෑ තාත්තී...."

"jiyang ගියේ ලොකු වැඩකට දූ..."

"ඒත් එයාට මං එක්ක කතා කරන්න තිබුනා...🥺"

"leah...දූ මේ අහන්න..."

"හ්ම්ම්..."

"දූ jiyang කියන්නේ ඔයා හිතනවා වගේ කෙනෙක් නෙමෙයි...අනික ඔයා ගැහැණු ළමයෙක්....jiyang ඔයාට අකමැතිනම් ඔයා එයාට සැනින් සැරේට කරදර කරන්න එපා තේරුනාද...? මොකද මම jiyangව මගේ පැත්තේ තියාගන්නකම් අපි ආරක්ශිතයි... ඔයාගේ කරදර ඉවසන්න බැරුව jiyang මේකෙන් අයින් උනොත් jiyang අපිට විරුද්ධ උනොත් ඔයාගේ තාත්තට කරන්න දෙයක් නැතිවේවී දූ තේරුනාද..?"

"ඒත් තාත්තී ඔයා jiyangට බයද..?"

"Jiyang කියන්නේ බුලට් එකක්...ගොඩක් දරුණු විස පොවපු බුලට් එකක්...ඉතින් දූ...ඔයාගේ තාත්තිට බෑ එයාට විරුද්ධ වෙන්න එයාට බලකරොත් එයා මේ හැමදේම දාලා යාවී...."

"ඒත් තාත්ති මට එයාව ඕනේ..."

"Leah ඔයා මගේ දුව වගේම තමයි jiyang මගේ පුතා...එයා එයාට අවුරුදු 15 ඉදලා මං එක්ක ඉන්නේ.....ඔයාට හොදක් වෙනවට කැමතී වගේම තමයි මට බෑ එයාට බලකරන්න දුව....මොකද එයා තාත්තා නොකිව්වත් එයත් මට තාත්තාට හා සමානව ආදරේ කරනව කියල මම දන්නවා..."

Blood Thirst (Yangxuan) (Complete)Where stories live. Discover now