ආන්ටි ජියෝව සම්පූර්ණෙන් ම මල්වලින් වැහිලා හිටියෙ.. හුඟක් මිනිස්සු දුක හිතෙන මූණු එක්ක ඇවිත් ආන්ටිට ආචාර කරලා හ්යොං දිහාවට අනුකම්පා බැල්මක් දාලා යන්න ගියා..
ඔම්මයි අප්පයිත් වැඩ අස්සෙ උනත් ඇවිත් ෆියුනරල් එකේ හුඟක් දේවල්වලට උදව් උනා.. එයාලා නොහිටින්න මේ දේවල් කරගන්න ඕනෙ විදිහක් මං දැනගෙන හිටියෙත් නෑ..
අංකල් පාක් අන්තිම මොහොත වෙනකල්ම ආන්ටිව බලන්න ආවෙ නෑ.. ආයෙමත් හ්යොංගෙ බර එයාට පැටවෙයි කියලා එයා බය වෙන්න ඇති සමහරවිට. එක අතකට ඔම්මා කියනවා වගේ ආන්ටිගෙ මුළු ජීවිතේටම නොහිටපු මිනිස්සු එයා යන්න යන වෙලාවට මොකටද..
"කුකී.. දැන් ආන්ටිව ආදාහනේට අරන් යනවා.. ඔයා චිමීව ටිකක් බලන්න."
ඒ ටේටේ හ්යොං.. අර හ්යොංගෙ හැන්ඩ්සම් යාලුවා. එයා හැමදෙයක් ගැනම වද වෙවී හොයලා බලනවා.. හ්යොංට එයා හිටපු එක ලොකු හයියක් වෙන තරමට ම එයා සේරම දේවල් ගැන වගකීම එයාට පවරගෙන හැමදේම ගැන හරියට ම හොයලා බලලා කරා..
එතකොට හ්යොං... ආන්ටිව ගෙනත් මෙතනින් තියපු වෙලාවෙ බිත්තිය දිගේ රූටලා බිම ඉදගත්තු වෙලාවෙ ඉදන් මේ වෙනකල් එයාගෙ කිසිම හෙලවීමක්වත් නෑ.. වතුර උගුරක්වත් නොබී එයා දිගටම ආන්ටි දිහා බලන් හිටියා.. හ්යොං මෙහෙම කඩන්වැටිලා ඉන්න එක දකින්න අමාරුදෙයක් උනත් එයාට වැටෙන්න එපා කියාගන්න තරම් හයියක් මට තිබුනෙ නෑ..
"මූ මෙහෙම ඉන්න එකම ලොකු දෙයක්.."
ටේ හ්යොං නිතරම හ්යොං ලඟට ඇවිත් ඔලුව අතගාලා තමන්වම සනසගන්න වගේ ඔය වචන ටික හෙමීට මුමුණලා යන්න යනවා..
"හ්යොං ඔම්මව එක්කන් යන්න හදන්නෙ අපිත් යමුද?"
මං එයාට තට්ටු කර කර දිගටම කතා කලත් එයා ඔහේ ආන්ටිව අරන් යන දිහා බලන් හිටියා..
"චිම්.. නැඟිටින්නකො. දැං අපිත් යන්න ඕනෙ කොල්ලො..."
ටේ හ්යොංවුත් ඇවිත් කතා කරලා හ්යොංව බලෙන් වගේ උස්සන්න ගත්තම එයා තනියමම නැගිටගත්තා.. කිසිම කිසි හැඟීමක් මූණෙ නැතුව. ඊට පස්සෙ අපි දෙන්නව එතනම දාලා ආන්ටිව අරන් යන පස්සෙන් තනියම වැනි වැනී යන්න ගත්තා..

YOU ARE READING
Love Me Like You Do || Complete || ✅
Romance"My love for you is past the mind, beyond my heart, and into my soul."