🌼🖤
" කොහොමද ඉතින්? "
" මට එක සැරයක්වත් ආදරේ කරේ නැද්ද විහාරා? "
" ප්රශ්නෙකට තව ප්රශ්නෙකින්ම උත්තර දෙන පුරුද්ද තාම ගිහින් නෑ නේද? "
" මං අහපු දේට උත්තර දෙන්න "
" උත්තරේ දැන දැනත් ඔය ප්රශ්නෙ මගෙන් අහන්න එපා නවීන් "
" නෑ ඒක බොරු..
ඔයා කවදාවත් මට ආදරේ කරේ නෑ විහාරා "විහාරගේ මුවේ ඇදුනේ හිනාවක්.
" ඔයා තරම් වෙන කාටවත් ආදරේ කරේ නැතුව ඇති නවීන් මම..."
" එහෙනම් ඇයි?
ඇයි දැන් ඔය ඇස්වල ඒ ආදරේ නැත්තෙ? "ඒ පාරනම් නවීන්ගේ හඬ ටිකක් විතර වැඩි වුනා.
" මොකද දැන් මම ඔයාට ආදරේ නැති නිසා "
විහාරා කියද්දි නවීන්ගේ ඇස් විහාරාගෙ පැත්තට යොමු වුනේ.
ඒ ඇස්වල කඳුලු දිලිසෙනවා.
විහාරා ඒ ඇස් දිහා නොබලන්න වගබලාගත්තා.
" මොන හිතකින්ද විහාරා ඔයා ඔහොම කියන්නෙ?
ඔයා ඇත්තටම මට ආදරේ කරානම් කොහොමද එකපාරටම ඒ ආදරේ නැතිවෙන්නෙ? "මුහුදේ හෝ හඬට අවදානය දෙමින් විහාරා නිහඬවම බලන් හිටියේ ඈත ක්ෂිතිජය දිහා.
ඇය කුමක් හෝ කල්පනාවක.
" විහාරා..."
විහාරගෙ නිහඬ බව නිසාම නවීන් ආයෙ හඬ අවදි කරේ.
" නැති වුනේ නෑ නවීන්..
ඔයා නැතිකරා "විහාරාගෙ මුවින් ඒ වචන පිට වෙද්දි පිච්චුනේ නවීන්ගේ හදවත.
" විහාරා ඔයා මොනාද කියන්නෙ? "
කඳුලු වැල් විහාරාගෙ කම්මුල් දිගේ ගලාගෙන යනවා නවීන් බලාගෙන.
" ඇයි නවීන් ඔයා එහෙම කරේ? "
" විහාරා.."
" ඇයි?
ඇයි මගෙ ආදරේ දැන දැනත් ඔයා අරයා ගාවට ගියේ..
ඔයා දන්නවද මං පිච්චුන තරම.
නෑ..ඔයා දන්නෑ නවීන්. ඔයා දන්නෙ නෑ "විහාරගේ මුවින් ඉකියක් පිටවුනේ ඇගේ දුකේ තරම කියන්න වගේ.
" මට සමාවෙන්න විහාරා.
ඒ දවස්වල ඔයා මට ආදරේ කරපු තරමටම මං එයාට ආදරේ කරා "
YOU ARE READING
හිමි අහිමි වසන්තය 🥀 (Short Story )
Short Storyබැදීම් දුකක් බව සිහියේ තියන් බැදුනම රිදීම් නැති බැදීම් කොහෙවත් නැති බව හිතුවම හැම හමු වීමකටම වෙන්වීමක් ඇති බව හිතුවම මිනිස්සු වෙනස් වෙනවා ඒක සිහියෙ තියන් ජීවත් උනාම හිත රිදෙන්නේ අඩුවෙන්........♡