Hotel එකෙන් apartment එකට ආපු jiyang නාගෙන sofa එකේ ඉදගත්තේ වෙනදා වගේම TV එක on කරන ගමන්....
ගෙදර බෙල් එක වදිනවා ඇහුනු නිසා Sofa එකෙන් නැගිටලා ගිහින් බැලුවත් දොර ලග කවුරුත්ම හිටියේ නැති නිසා ආයෙම ඇවිත් sofa එකෙන් ඉදගත්තා...
ඒත් ටික වෙලාවකින් ගෙදර හැම ලයිට් එකක්ම නිවි නිවි පත්තුවුනා වගේම tv එකත් පේන්නේ නැතුව ගියා.....දොර ලගින් ලොකු ලේ පාරක් ගේ ඇතුලට එද්දී මුලු ගෙදරම මලකුනු ගදකින් පිරිලා ගියා...
jiyang sofa එකෙන් නැගිටලා මුලු ගේ දිහාම ඇහැ යවලා බැලුවේ current කපන්නවත් යනවාද කියලා හිතන ගමන් ඒ වුනත් කලු පාටට දූවිල්ලක් වගේ එකතුවෙලා මිනිස් රුවක් ඇදුනේ jiyang ඒ දිහා ඕනෑකමින් බලද්දී....පැය කීපයකට කලින් මැරුනු කොල්ලා ඒ පිච්චුනු විදිහටම jiyang ඉස්සරහ හිටන් ඉද්දී හිත ගැස්සුනේ නෑ කිව්වොත් ඒක බොරුවක්....
මූනෙන් පිච්චිලා එල්ලෙන මස් කෑලී... ඇටකඩු පෑදුනු අල්ල විතරක් ඉතුරු වුනු අත....තුවාල පනුවෝ ගහන ඇග....සෙම වැක්කෙරෙන කට.... පිච්චුනු තොල්....එලියට පැනපු ඇස්....කොන්ඩ ගහක්වත් නැති පිච්චිලා රතුවුන ඔලුව...
තවමත් ලේ වැක්කෙරෙන කකුල්...."Song jiyang...උබ...මාව බල්ලෙක් වගේ මැරුවා නේද යකෝ....මාව වද දීලා දීලා මරලා දැම්මා නේද..?"
Jiyang එක කකුලක් පස්සට තිබ්බ ගමන්ම sofa එකේ වැදිලා ඒක උඩට වැටුනා...jiyangගේ කකුලෙන් අල්ලගත්තු කොල්ලා පඩිපෙල දිගේ jiyangව ඇදගෙන ගියේ පඩියෙන් පඩියේ jiyangගේ ඔලුව වදිද්දී....උඩට ගිය ගමන්ම jiyangව උස්සලා වීදුරු කැබිනට් එකට දමලා ගහපු කොල්ලා...තුවාල වෙලා වැටුනු jiyangගේ බෙල්ල හිරකරලා අල්ලගත්තේ හුස්ම ගන්න බැරුව jiyang දගලද්දී...එකපාරින් jiyangව කොල්ලා අතාරිද්දී බිමවැටුනු jiyang බෙල්ල අල්ලගෙන හයියෙන් කහින ගමන් හුස්ම ගත්තා....ඊට පස්සේ ආයෙම jiyangගේ කකුලෙන් අල්ලගත්තු කොල්ලා බැල්කනී එක ලගට වෙනකම් jiyangව ඇදගෙන ආවා....බැල්කනි එකේ දොර ලොකු හුලගකට ඉබේම හයියෙන් ඇරෙද්දී කොල්ලා jiyangව එතනින් පහලට විසි කරලා දැම්මා......
Flat එකේ හිටපු හැම කෙනෙක්ම එතනට එකතු වෙද්දී ambulance එකක සද්දේ හීනියට වගේ jiyangට ඇහුනා....ambulance එකට jiyangව දාගනිද්දී jiyangට සිහිය තිබුනේ නැති නිසාත් jiyang හුස්මගත්තේ අමාරුවෙන් නිසාත් එයාට hospital එකට යනකම් oxygen දුන්නා....
________________________________