Chapter 15

118 25 0
                                    

Jiyangව එයාලා තනි කාමරේකට දැම්මේ jiyangගේ හැටි දන්න නිසා අනිත් අයට කරදර කරොත් කියලා....ඒ කාමරේ කට්ට කරුවල වෙද්දී jiyangට ඇහුනා අඩි සද්දයක්....ඒ එක්කම කාමරේ මැද තිබුනු චූටි ලයිට් එක පත්තු උනා....

"Haoxuan..."

"ASP කියලා කතා කරනවා...මම තමුසෙගේ කවුරුත් නෙමෙයි...."

"හී...කේන්ති ගිය හා පැටියෙක් වගේ...."

Haoxuan jiyangගේ බඩට දනිහිසෙන් අනින ගමන් jiyangව තල්ලු කරපු පාර කොල්ලා බිමට වැටුනා....jiyang බිම වැතිරිලා බඩත් අල්ලන් වකුටු වෙද්දී Haoxuan කරේ කොල්ලගේ බඩට ආයෙමත් කකුලෙන් ගහපු එක...jiyang විසිවෙලා ගිහින් බිත්තියේ වැදුනා වගේම කටින් ලේ එන්න පටන් ගත්තා.....

"මගේ කොල්ලා ශක්තිමත්..."

කටේ තිබුනු ලේ ටික බිමට දාලා රතු පාට දත් වලින් හිනාවෙලා jiyang එහෙම කිව්වම haoxuan තරහෙන් පුපුරන්න ගත්තා....

"මම උබේ කොල්ලා නෙමෙයි යකෝ..."

බිම හිටපු jiyangගේ shirt එකේ බෙල්ලෙන් අල්ලන් haoxuan එහෙම කිව්වම jiyang haoxuanට බරදීලා නැගිට්ටා....

"මේ දොස්තර මහත්තයෝ...ආ නෑ වැරදුනා ASP මහත්තයෝ... තමුසෙගේ ඇස් වලින් මං ආදරේ දැක්කා...මං තමුසෙගෙන් ලේ බිව්වා...මගේ ඇගේ දුවන්නේ තමුසේගේ ශක්තිය...තමුසේ කොච්චර නෑ කිව්වත් තමුසේ මගේ...."

"කට පියාගන්නවා Song Jiyang..."

Haoxuan jiyangගේ කම්මුලට තමන්ගේ උපරිම ශක්තිය යොදලා ගැහුවා....

"ඉහික්...කමක් නැද්ද..?"

"තමුසේ....තමුසේ කරපු හැම මිනිමැරුමක් ගැනම පාපොච්චාරනය කරන්න ඕනේ..."

"Are you kidding me officer...? මේ Song Jiyang කවදාවත් අහුවෙන්න මිනිමරලා නෑ ඉස්සරහට අහුවෙන්න මිනි මරන්නෙත් නෑ....තමුසේ ගාව සාක්ශි නෑ මාව අල්ලගන්න...ඉතින් ඇයි මම කරපුවා පිලිගන්නේ...? ආ ඇයි මම පිලිගන්නේ....?"

"පිලිගත්තේ නැත්තන්...මම තමුසෙට මෙතන අපායක් කරනවා..."

"😂😂😂....මේ Jiyang මැරෙන්න බය එකෙක් නෙමෙයි wang haoxuan...මම තමුසෙට challenge කරනවා... මේ අවුරුදු තුනෙන් පස්සේ එක දවසක් වැඩියෙන් මාව මෙතන තියාගෙන පෙන්නනවා...."

Blood Thirst (Yangxuan) (Complete)Where stories live. Discover now