Chapter 17

109 25 0
                                    

Jiyang POV....

Haoxuanගේ ගෙදර යතුර අතට ගත්තු jiyang ඒක සාක්කුවට දාගෙන ගෙදරින් එලියට බැස්සා....Haoxuanගේ ගෙදරට ගිහින් දොර ඇරලා ඇතුලට ගියත් සාලේ කවුරුත්ම හිටියේ නෑ....කාමරේ කතා කරන සද්දයක් ඇහුනු නිසා jiyang කෙලින්ම haoxuanගේ කාමරේ පැත්තට අඩි තිබ්බා....phone එකත් කනේ තියන් haoxuan බරටම කා එක්ක හරි කතා කරනවා...

"Wang Haoxuan...."

කටහඩ එකපාරින්ම අදුනගත්ත haoxuanගේ අතේ තිබුනු phone එක බිමට වැටුනා....තොල කට වේලිලා කටේ කෙල හිදෙද්දී haoxuan අමාරුවෙන් කෙල ගිලින්න උත්සහ කරා....

"Jiyang..."

"ආයේ අපි හම්බුනා එහෙනම්...."

Haoxuan POV...

phone එක ring උනු නිසා haoxuan call එක answer කරලා කනේ තියාගත්තා...

"Haoxuan..."

"කියන්න...."

"Jiyang ඊයේ හවස නිදහස් උනා..."

"මොකක්...?"

"ඔව්..."

"දැන්ද මිනිහෝ කියන්නේ...?"

"Wang haoxuan...."

තමන්ගේ පිටිපස්සෙන් සුපුරුදු කටහඩක් ඇහෙද්දී Haoxuanගේ අතේ තිබුනු phone එක බිමට වැටුනා...හිමින් පිටිපස්ස හැරෙද්දි බලාපොරොත්තු උනු විදිහටම jiyang එතන හිටගෙන හිටියා....

Present POV....

Jiyang අඩියෙන් අඩිය haoxuan පැත්තට තිබ්බා...Haoxuan jiyangගේ කේන්තියෙන් රතු උනු ඇස් දිහා බලාගෙනම අඩියෙන් අඩිය පස්සට තිබ්බා...කොල්ලගේ කකුල කාමරේ බිත්තියේ වැදිලා නවතිද්දී Jiyang  අත් දෙකෙන්ම haoxuanව බිත්තියට තියලා තද කරා...Haoxuanගේ බෙල්ලේ ඉදලා ඔලුවට වෙනකම් දිග හුස්මක් ගත්තු jiyang කොල්ලගෙ ඇස් දෙක දිහා බැලුවා....හුස්ම දැනෙන නොදැනෙන ගානට ලංවෙද්දී Haoxuanගේ ඇස් පියවුනා....ඒ ඇස් දිහා බලන් හිටපු jiyang, haoxuanගෙන් ඈත් වෙලා කාමරෙන් එලියට ගියා....ඇස් දෙක ඇරපු Haoxuan jiyang යන දිහා බලාගෙන කතා කරා...

"Jiyang....ඔයා මෙහෙ ආවේ...?"

"මට ඕනකරන උත්තරේ ලැබුනා..."

"මො...මොකක්ද..?"

"තමුසේ බොරු කරා කිව්වට තවම මට ආදරෙයි...අවුරුදු තුනක් ගෙවිලත් තමුසේ මට තවම ආදරෙයි..."

"මම කාටත් ආදරේ කරේ නෑ...මම කරේ මගේ රාජකාරිය..."

"මට ඕන කරන උත්තරේ ලැබිලා ඉවරයි...ඔයාම දවසක ඇවිත් ඕක කියන්නකෝ... එහෙනම් ASP මහත්තයෝ මම ගියා..."

Haoxuanගේ ගෙදරින් එලියට ආපු jiyang කෙලින්ම ගියේ කොල්ලගේ Apartment එකට...ඒක අස් කරලා දාලා ආයේ පරණ විදිහට හැමදේම හදාගත්තු jiyang sofa එකේ ඉදගෙන Tv එක බලන්න ගත්තා....

"Jiyang..."

"leah...තමුසෙට ඇත්තටම ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද..?"

"නෑ...ඒකෙන් වැඩක් නෑ ඇයි මට තාත්තා තමුසෙව හම්බෙන්න එන්න දෙන්නැත්තේ...තමුසේ තාත්තාගේ ඔලුවට විස පිරෙව්වද..?"

"ඒ මනුස්සයටත් තේරෙනවා මම තොට කැමති නෑ කියලා ගෑණියේ..."

"ඒ වුනාට මම තමුසෙට කැමතීනේ...මට ඕනේ තමුසේ විතරයි..."

"බහිනවා ගෙදරින් එලියට..."

"යනවා තමයි බලාගන්නව තමුසෙට මම කරන දේ..."

"බලමුකෝ...."

leah කේන්තියෙන් පුපුරන ගමන් jiyangගේ ගෙදරින් එලියට ගියා....

"Jiyang...mama haoxuan mata oyawa hambawenna one ada hawasa man ewana location ekata enna..."

jiyangගේ phone එකේ නොදන්න නම්බර් එකකින් උනත් ඇවිත් තිබුනු මැසේජ් එක දැකලා කොල්ලා ගොඩක් සතුටු උනා....

හවස 4 උනු ගමන් හොදට දතකට මැදගෙන නාගෙන හැන්ඩියට ඇදගෙන සින්දුවකුත් කියන ගමන් jiyang car එකට නැග්ගා.....

වැඩිවෙලා යන්න කලින් එවල තිබුනු location එකට ගියත් ඒක නිකම්ම නිකම් ගස් වලින් වටවුනු පිට්ටිනියක් වෙනකොට jiyang ඇස් කරකව කරකව Haoxuanව හෙව්වා....ඒත් එතන haoxuanගේ චායාවක් තිබුනේ නෑ....

කාර් එකෙන් බැහැපු jiyang ටිකක් වටේ ඇවිද ඇවිද ඉන්න ගමන් ආයේ කාර් එකට යන්න හැරුනේ තවත් බලන් ඉදලා වැඩක් නෑ කියල හිතුනු නිසා.....ඒත් හැරෙද්දිම ජීප් එකකින් ආපු 10 දෙනෙක්ගේ විතර සෙට් එකක් jiyangව වටකරගෙන කොල්ලට හොදටම ගැහුවා....කලුවරත් වැටිලා තියෙද්දී මොකද වෙන්නේ කියල හිතාගන්නවත් බැරුවුන jiyang ඒ සෙට් එකෙන් බේරෙන්න උත්සහ කරා....Jiyang බිම වැතිරිලා වකුටු වෙලා ඉද්දී කොල්ලෝ ටික ගහන එක නතර කරලා jeep එකට නැගලා යන්න ගියා....
ඇස් ඇරලා නැගිටින්න හදද්දිම කවුරුහරි ඇවිදන් එනවා කකුල් දෙක විතරක් දැකපු jiyang ඔලුව උස්සලා බැලුවා....

"මම තමුසෙට කිව්වනේ...තමුසේ මගේ වෙන්න ඕනේ නැත්තන් තමුසේ මැරෙන්න ඕනේ එච්චරයි....ලෑස්ති වෙනවා අපායේ යන්න....."

එහෙම කියන ගමන් leah jiyangගේ පැත්තට තුවක්කුව දික් කරා....
________________________________
ඇති බොලම් 🥴

Blood Thirst (Yangxuan) (Complete)Where stories live. Discover now